Colombo Today Local News

සර්වපාක්ෂික හමුව එකගතාවයෙන් තොරව අවසන්… මැතිසබේ හෙටත් ගිනියම්වන ලකුණු…

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික හමුව මීට ටික වේලාවකට පෙර අවසන් විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ යන මහත්වරු ද මෙම හමුවට සහභාගී වූහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඊට සම්බන්ධ පක්ෂ එහිදී පවසා ඇත්තේ, විශ්වාස භංග යෝජනාව නිවැරදි පාර්ලිමේන්තුවේ නිවැරදි ක්‍රියා පටිපාටියට ඉදිරිපත් කළ යුතුව ඇති බවයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණ අවධාරණය කර සිටියේ, විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමේ ක්‍රමවේද දෙකක් පවතින බව ත් ඉන් එක් ක්‍රමවේදයක් යටතේ එය ඉදිරිපත් කර ඇති බවත් ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා ප්රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් බහුතරයක් සිටින බව ඔප්පු කිරීම සඳහා දිවුරුම් ප්රකාශ 113 ක් ඉදිරිපත් කිරීමට සූදානම් බවය.

ජනපති හමුවෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් පැවසුවේ, හෙට දිනයේ පක්ෂය විසින් හෙට පාර්ලිමේන්තුවට තෙවන වරටත් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව ය.

Related posts

NGO මුදලින් යැපෙන රජයේ නිලධාරීන් ‘අලි ප්‍රශ්නයක් මවා’ දළදා පෙරහැර නැවැත්වීමේ කුමන්ත්‍රණයක !

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශයේ අංශ කිහිපයක් වසයි

colombotoday

නොරොච්චෝලේ බිඳ වැටුණු ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කරන්න දින 12 ක් ගතවේවි – විදුලිබල මණ්ඩලය කියයි

Admin

දුම්රිය දෙපාර්තමේන්තුවට බිලියන 10 ක පාඩුවක්

colombotoday

ප්‍රවෘත්ති විකාශය අතරතුර නිවේදකයෙක් කඩා පනී.. බැසිල් රාජපක්ෂට පළු යන්න බැණවදී (Video)

colombotoday

කෝටි 6කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව අල්ලයි

Admin