Colombo Today Local News

වියදම වැඩියි.. හමුදාවේ පිරිස් බලය අඩු කරන්න… ඇමරිකානු කොංග‍්‍රස් කමිටුව ජනපතිට කියයි

ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක හමුදාව විශාල යැයි පවසමින් ඇමරිකානු කොංග‍්‍රස් කමිටුව ආරක්‍ෂක හමුදාව ප‍්‍රතිසංස්කරණය කරන ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

රිපබ්ලිකන් මන්තී‍්‍ර චිල් ජොන්සන් සහ කොටි හිතවාදීන් සමග දැඩි සබඳකම් පැවැත්වූ ඩැනී ඬේවිස් කොංග‍්‍රස් කමිටුව හමුවේ කරුණු දක්වමින් ශී‍්‍ර ලංකා හමුදාව සඳහා විශාල ආරක්‍ෂක පිරිවැයක් වැයවන බවත් ආරක්‍ෂක හමුදාවේ විශාල පිරිසක් රැඳී සිටින්නේ උතුරු නැගෙනහිර බවත් යුද අපරාධ චෝදනා එල්ලවූවන් දඬුවම්වලින් ගැලවී ඇති බවත් සඳහන් කර තිබේ.

මේ නිසා උතුරු නැගෙනහිරින් හමුදාව අඩු කිරීමට රජය කි‍්‍රයාකළ යුතුව ඇති බව ඔව්හු තවදුරටත් දන්වා ඇත.

මෙම කමිටුව හමුවේ ප‍්‍රකාශයක් කළ කොටි හිතවාදී පර්ල් සංවිධානයේ අංජලි මනිවන්නන් නමැත්තිය ශී‍්‍ර ලංකා හමුදාවට ඇමරිකාව සහය දැක්වීම නතර කළ යුතු බවත් අරමුදල් සැපයීම අත්හිටුවිය යුතු බවත් කියා සිටියාය.

ශී‍්‍ර ලංකාවේ හමුදාව වහාම ප‍්‍රතිසංස්කරණය කළ යුතු බව ද්‍රවිඩ ඩයස් පෝරාව ද ඉල්ලා සිටින බව මනිවන්නන් නමැත්තිය කොංග‍්‍රස් කමිටුව හමුවේ ප‍්‍රකාශ කර ඇත.

ඉරිදා දිවයින

Related posts

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි.. උසස් පෙළ ආරම්භය ජූලි – අධ්‍යාපන ඇමති

colombotoday

මිනී කන කිඹුල්ලූ. මිනිස්සු උස්සන සුදු වෑන්. හතර අතේ ඇප ඉල්ලන දොස්තර රාජිතගේ වැඩ මෙන්න.

colombotoday

රට තුළ සිටින සංචාරකයන් 18,000 කට පහසුකම්

colombotoday

ඥාණසාර හිමි ඝාතන තැතක්..! පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

ජනපතිගේ තත්ත්වය ගැන ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් !

colombotoday

පුංචි ඡන්දයට තවත් බාධකයක්.. තව කල්යන ලකුණු.. හේතුව මැතිවරණ කොමසාරිස් කියයි

colombotoday