Colombo Today Local News

සතොසෙන් අතුරුදන් වූ ලියවිලි තොගයක් තිඹිරිසග්යායේ ඉම්රාන්ගේ නිවසෙන් හමුවෙයි… බදියුදීන්ගේ තවත් ගැහිල්ලක් එළියට !

තිඹිරිගස්යායේ පිහිටි මොහොමඩ් ඉම්රාන් යන අයගේ නිවසින් සතොසෙන් අතුරුදන්ව තිබූ ලිපිගොනු රැසක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන කණ්ඩායම් සමත්වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාළව මෙතෙක් සොයාගත නොහැකිව තිබූ මෙම ලිපිගොනු හමුවී ඇත්තේ හිටපු ඇමැති බදියුද්දීන්ගේ සොහොයුරාගේ හිතවතකුගේ නිවසිනි. එම හිතවතා බදියුද්දීන් ඇමැතිවරයාගේ සොහොයුරා සමග ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නෙක් බව පැවසේ.

කිලෝවොට් විස්සේ ජෙනරේටර් ගෙන්වන බවට මිල ගණන් පෙන්වා කිලෝවොට් දහයෙ ජෙනරේටර් ගෙන්වීමෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි මත මෙම විමර්ශන අරඹා තිබිණි.

එම විමර්ශනයට අදාළ කිසිදු ලියකියවිල්ලක් සොයාගත නොහැකි ලෙස අතුරුදන් කර තිබී ඇත. එම හේතුවෙන් රහස් පොලිසිය විමර්ශන අඛණ්ඩව පවත්වාගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබිණි.

කෙසේ වෙතත් තිඹිගස්යායේ පිහිටි මොහොමඩ් ඉම්රාන් යන අයගේ නිවස වටලා සොයාගත් ලිපිගොනු අතර මෙම ලිපිගොනුත් හමුවී තිබේ.

​මොහොමඩ් ඉම්රාන් නමැති අය හිටපු ඇමැති රිෂාඩ් බදියුද්දීන්ගේ සොයුරකු වන බදියුදීන් මොහොමඩ් යන අය සමග දෙහිවල, ටී.පී.ඩී. සිල්වා ඇවනිව්හි ක්‍රසන්ට් බටන් මැනුෆැක්චරිස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙසද කටයුතු කර ඇත.

මොහොමඩ් ඉම්රාන්ගේ නිවසින් සොයාගත් ලිපිලේඛන අතර ඉඩම් ඔප්පු 120ක් පමණ ද හමුවී තිබිණි.

– aruna

Related posts

සංචාරක වීසා මත විදෙස් රැකියා ලියාපදිංචිය අත්හිටුවයි

Admin

ජනපති අද කඩුව වනයි.. එජාපය සියළු ආසන සංවිධායකවරුන් කොළඹට කැදවයි..!

colombotoday

ගෝඨාභය ජනාධිපතිවරණයට එන බවක් මහින්ද කිව්වේ නැතිලු

colombotoday

ගුරුකන්ද නාහිමි දේහය ආදාහනය කිරීම: ඥානසාර හිමිට එරෙහි නඩුවේදී සුමන්තිරන්ගේ ඉල්ලීමට ඉඩ

colombotoday

සහරාන් ගේ ගිවිසුම්වලට එකඟ වූ ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම ඉලක්ක කරගත් සංවිධාන අනුර කුමාරගේ සන්ධානයට එකතු වෙලා.

colombotoday

ප්‍රභාකරන්ගේ අපේක්ෂාව දෙමළ ජාතික සන්ධානය සුන් කලා – විග්නේශ්වරන් පවසයි

colombotoday