Colombo Today Local News

සජිත්ගේ අලුත් සන්ධානය ‘ජාතික සමගි බලවේගය‘… ලකුණ හදවත…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවන නව සන්ධානය, ‘සමගි ජාතික බලවේගය’ ලෙස නම් කර ඇති අතර

එහි ඡන්ද ලකුණ ලෙස ‘හදවත’ තෝරාගෙන ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එම පක්ෂය ලියාපදිංචි කිරීමට අදාල ලියකියවිලි අද (10) පෙරවරුවේ දී මැතිවරණ කොමසාරිස් කාර්යාලයට බාර දී ඇතැයි ද පැවසේ.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයේ නම සහ ලකුණ පිළිබඳත් එම සන්ධානයේ ලේකම් කව්රුන්ද යන්න පිළිබඳවත් අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ‘සිරිකොත’ එජාප මූලස්ථානයේ දී අද(10) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වේ.

Related posts

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක් ගනී

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ගේ සංස්කෘතික සංහාරයට එරෙහිවන්න.. යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයි

colombotoday

කොරෝනා ආසාදිතයන් ගණන 630 දක්වා ඉහළට

colombotoday

අඹ ගෙඩි තුනයි මල් මාලයයි කෝවිලකදී ලක්ෂ 10ට වෙන්දෙසි වෙයි

colombotoday

දවස් තුනකට ගෑස් ගොඩබා ගනී

colombotoday

තවත් ආක්‍රමණිකයෙක් දිඹුලාගලින් හමුවෙයි… වී වගාවටත් බැට දෙයි…

colombotoday