Colombo Today Local News

ගෝඨාභය එක්ක ආණ්ඩු හදනවා කියද්දී මට බෙල්ලේ වැල දාගන්න හිතෙනවා – ෆොන්සේකා

පක්ෂය අභ්‍යන්තරයේ තවමත් නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් ඇතත් ජනතාව බලාපොරොත්තු වන වෙනස අලුත් සන්ධානය හරහා සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කෙසේ වෙතත් මාපලගම ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පැවසුවේ නායකත්වය සම්බන්ධයෙන් තිබූ අර්බුදය මේ වනවිට විසඳී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“මේ වෙනකොට පක්ෂය එකඟ වෙලා තියෙනවා සජිත්ගේ නායකත්වයෙන් මහ මැතිවරණයට යන්න. අලුත් සන්ධානයේ නායකයා ලෙස එතුමා අගමැති අපේක්ෂකයා කරනවා. කැමති ලේකම් කෙනෙක් පත් කරගන්න පක්ෂ නායකයා එකඟ වුණා. ප්‍රබලයන්ගේ හැසිරීම නිසා පක්ෂයට විරුද්ධ විවිධ මතපොහොට්ටුව ඒ මතවලින් ප්‍රයෝජනය ගත්තා. අපේ වැරදි අපි පිළිගන්න ඕන. ජනතාව පක්ෂයේ වෙනසක් බලාපොරොත්තු වෙනවා. අලුත් සන්ධානය හරහා ඒ වෙනස කරනවා. පාක්ෂිකයන්ට වුණ අසාධාරණය අපි දන්නවා. උදව් කරන්න හැකියාව තිබුණ අය උදව් කළේ නෑ. ඒක නිසයි පක්ෂයට මෙහෙම වුණේ. ඒවා කතා කරලා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මාව එලෙව්වා. තව ඉදිරියටත් එහෙම කළාට කමක් නෑ. මේ සන්ධානේ මට ඉන්න පුළුවන්. සන්ධානයෙන් මම ඡන්දේ ඉල්ලනවා. අපේ පක්ෂයේ ගෞරවය රැකගන්න ඕන. සමහරු කියනවා ගෝඨාභය එක්ක ආණ්ඩු හදනවා කියලා,මට බෙල්ලේ වැළ දාගන්න හිතෙනවා. කොහොමද මෙහෙම මිනිස්සු එක්ක දේශපාලනය කරන්නේ. නිවට මානසිකත්වයකින් දේශපාලනය කරන්න බෑ. පොහොට්ටුවේ අයත් එක්ක මධුසමයක් ගත කරන්න අපිට අවශ්‍ය නෑ. අතීතයේ මධුසමයෙන් පාඩමක් ඉගෙන ගත්තා. ඒ පාඩම සමහරුන්ට අමතකයි. මැතිවරණයේ ප්‍රතිඵලය කොහොම වුණත් 2025 අපේ ආණ්ඩුවක් හදන්න ඕන.”

Related posts

මට හොරා කියපු අය දැන් ඒ ඒ අයටම හොරා කියා ගන්නවා.. දැන් හැමෝගෙම රෙදි ගැලවිලා

colombotoday

සිංහල රටක් හදන්න දෙන්නෑ. එහෙම වුණොත් වෙනම දෙමළ රටකුත් හදනවා – TNA

colombotoday

ජවිපෙ විරෝධතා පා ගමන ට බිත්තර ප්‍රහාරයක්

colombotoday

දැනට අළෙවි කෙරෙන ඉන්ධන ලීටරයක මිල 200 කින් අඩුකරන්න පුළුවන්

colombotoday

විල්පත්තුව අවසන් හුස්ම හෙළයි.. බලධාරීන් මර නින්දේ (Photo)

colombotoday

ආණ්ඩුව බෙදුම්වාදයට යටත් වුණා. තව ඇත්තේ ඊළාම කොඩිය සහ ඊළාම් රාජ්‍යය පිළිගැනීම පමණයි – මුසම්මිල්

colombotoday