Colombo Today Local News

සඟවා තිබූ සැමන් ටින් 1800 පාරිභෝගික සේවා අධිකාරිය සොයාගනී

කොටපොල සහ අකුරැස්ස විවිධ සේවා සමුපකාර  සමිතිවල තොග ගබඩා පරීක්ෂා කිරීමේදී  සඟවා තිබූ සැමන් ටින් 1800 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව මාතර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය අද (30) පැවසීය.

සැමන් ටින් 1200 ක් කොටපොල විවිධ සේවා සමුපකාර  සමිතියේ තොග ගබඩාවේ ද සැමන් ටින් 600 ක් අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතියේ තොග ගබඩාවේද තිබී සොයා ගත් බව අධිකාරිය සඳහන් කළේය.

මෙම සැමන් තොගය පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ත ගත් බව පාරිභෝගික අධිකාරිය පැවසීය.

මාතර දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමෙන් පසු මෙම ගබඩා දෙකෙහි සැමන් සහ පරිප්පු අලෙවි නොකරන බවට මහජනයාගෙන් ලැබුණ පැමිණිලි මත මෙම වැටලීම සිදුකළ බව එහි උසස් නිලධාරියෙකු කීය.

සැමන් ටින් සඟවා තැබීමට අවශ්‍යතාවයක් නොවන බවත් එම සැමන් ටින් කොටපොල සහ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි රුපියල් 100.00 ලබාදීමට සූදානම් කර තිබූ සැමන් ටින් බවත් කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති මනෝජ් ජයවර්ධන මහතා පැවසීය.

මේ අතර මාතර දිස්ත්‍රික්කය තුළ පසුගිය දින කිහිපයේදී සිදුකරන ලද වැටලීම් වලදී වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළඳුන් 60 කට නීතිය ක්‍රියාත්මක කළ බවත් පාරිභෝගික සේවා අධිකාරිය කියයි.

Related posts

රෝගීන් 70.000ක්.. මරණ 215ක්.. මුළු කොළඹම ඩෙංගු අධි අවදානම් කළාපයක් වෙයි !

colombotoday

සේයා ඝාතකයාට මරණ දඬුවම

colombotoday

සිංගප්පූරු ගිවිසුමෙන් ලංකාව න්‍යෂ්ඨික අපද්‍රව ගබාඩවක් වෙයි.. උග්‍ර විෂ රසායනික මූලද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට අවසර

colombotoday

ශ්‍රී ලංකාවට සේලයින් නිෂ්පාදන කර්මාන්තශාලාවක්

colombotoday

මෙවර ජයග්‍රහණයෙන් පසු එජාපය වසර 25කට සොලවන්න දෙන්නේ නෑ

colombotoday

මිලින්ද මොරගොඩ ඇමරිකාවේ ඔත්තුකරුවෙක්. ඉන්දියානු තානාපති ලෙස පත්කිරීමට විරෝදය

colombotoday