Colombo Today Local News

වෙසක්, නත්තල් සහ ජාතික නිදහස් දිනයන් දේශීය කර්මාන්ත ගොඩනැංවීමට යොදා ගැනීමේ සැලසුම්

වෙසක්, නත්තල්, ජාතික නිදහස් දිනය සහ අලූත් අවුරුද්ද වැනි වැදගත් ජාතික උත්සව සදහා බතික් හෝ අත්යන්ත‍්‍ර නිමි ඇදුම් භාවිත කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබෙනවා.

බතික් අත්යන්ත‍්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මාරවිල පැවති උත්සවයකදී පැවසුවේ ශී‍්‍ර ලන්කන් එයාර් ලයින් සමාගමේ කාර්ය මණ්ඩලයටද බතික් ඇඳුම ලබාදෙන ලෙසට ද ඉල්ලීමක් කළ බවයි.

ජාතික කොඩිය සහ බෞද්ධ කොඩියද බතික්වලින් නිර්මාණය කිරීම තුළින්ද බතික් කලාව ප‍්‍රචලික කළ හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරි ගැන්වීම සිය රජයේ අපේක්‍ෂාව බවයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ද ඊයේ ප‍්‍රකාශ කළේ.

කොරෝනා බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා රජයක් ලෙස පසුගිය කෙටි කාලය තුළ සහනදායී ණය පොලී අනුපාත හඳුන්වා දෙමින් කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සහ ණය ඇපකර සපුරාදීමට හැකි වූ බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

Related posts

පුංචි ඡන්දෙට ස්වාධීන කණ්ඩායම් 10ක්, පක්ෂ 4ක් ඇප තියයි

Admin

ඥානසාර හිමිගේ පැමිණිල්ලෙන් එලියට ආ රිෂාඩ් සමයේ පාරිභෝගික අධිකාරිය අන්තවාදයට දොර ඇරුණු හැටි

colombotoday

මුලතිව් විනිසුරුට සාධාරණය ඉල්ලා නීතීඥයෝ පාරට

Admin

බස් ගාස්තු සංශෝධනයේ වෙනසක් නැහැ

Admin

හබරාදුවෙන් 75% ක් පොහොට්ටුවට

colombotoday

කෝටි හතර හමාරකට විකිනීමට ගිය ගජමුතු යුගලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday