Covid 19World

එක්සත් රාජධානියේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 50,000ක් වීමට ඉඩ !

එළඹෙන ඔක්තෝබර් මැද වනවිට එක්සත් රාජධානියේ දෛනිකව කොවිඩ් -19 ආසාදිතයින් 50,000ක් පමණ හමුවිය හැකිබවට එරට ප්‍රධාන විද්‍යා උපදේශකවරයා අනතුරු අඟවයි.

ශ්‍රීමත් පැට්‍රික් වැලන්ස් පැවසුවේ ඉන්පසුව දෛනිකව 200 දෙනෙක් පමණ මරණයට පත්වීමට ද ඉඩ ඇති බවය.

මේවන විට එක්සත් රාජධානියේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා තවත් පියවර ගත යුතුද යන්න පිළිබඳ ව අගමැති බොරිස් ජොන්සන් අදහස් හුවමාරු කරගනිමින් සිටින බව ද පැවසේ.

එක්සත් රාජධානියෙන් ඊයේ (20)දින කොවිඩ් -19 ආසාදිතයින් 3,899ක් සහ මරණ 18ක් වාර්තා වී තිබේ.

Related posts

ජර්මනිය ඉස්ලාම් විරෝධයෙන් ඇවිලෙයි – ව්‍යාපාරික ස්ථානවලටත් පහර දෙයි

colombotoday

ඉන්දියාවට හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමකින් ප්‍රහාරයක්

Admin

දිවුලපිටියෙන් යාපනයට ආ සේවිකාවන් නිසා 22ක් PCR පරීක්ෂණයට

colombotoday

කොරෝනා ආසාදිතයින් 19ක් හදුනා ගනී

colombotoday

සුවය ලබා සිටි කොරෝනා රෝගියෙකුට මාස 4කට පසු නැවත කොරෝනා වැළඳෙයි

colombotoday

කොරෝනා වෛරසයෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 2500ය ඉක්මවයි

colombotoday