Colombo Today Local News

වූහාන් සිට ආ ශ්‍රී ලාංකික සිසුන් දියතලාවට ගෙන එනවාට විරුද්ධ වූ අයට හමුදාපති කණ පැලෙන්න දීපු උත්තරේ !

චීනයේ වූහාන් නගරයේ සිට අද පෙරවරුවේ මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා සියළු පහසුකම් සහිතව දියතලාව යුද හමුදා කදවුරේ නවාතැන් සපයා ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

දිවයිනට පැමිණීමෙන් පසු ගුවන් හමුදා විශේෂ බලගනයක් මගින් ඔවුන්ව පූර්ව නිරෝධායනයට ලක් කර යුද හමුදාවට බාර දීමෙන් අනතුරුව දැඩි ආරක්ෂාව මධ්‍යයේ දියතලාව යුද හමුදා කදවුර වෙත යොමු කෙරිණි.

විශේෂයෙන් සකස්කල ගොඩනැගිලි දෙකක ඔවුන්ව සති දෙකක කාලයක් රදවා තැබීමට නියමිතය. මේ පිළිබදව අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා සදහන් කළේ ලබා දිය හැකි සියළු පහසුකම් ඔවුන් වෙත සපයා ඇති බවයි.

එම සිසුන් දියතලාවට රැගෙන ඒමට විරුද්ධව සහ එම කාර්යය අවඤාවට ලක් කරමින් අන්තවාදී, අවස්ථාවාදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකු අදහස් දක්වා තිබුණු අතර, ඒ පිළිබදව අදහස් දක්වමින් යුදහමුදාපතිවරයා සදහන් කළේ එම සිසුන් අපේ රටේ අපේ දරුවන් බවත්, ඔවුන් මේ රටතුළ කොහේ හෝ තැනක සුරක්ෂිතව තැබිය යුතු බවයි. ඒ සදහා පහසුකම් සැපයිය හැකි ඉතාමත් සුදුසු පියවර යුද හමුදාව විසින් ගෙන ඇති බවද හෙතෙම සදහන් කළේය.

Related posts

භාණ්ඩ කිහිපයක බදු ඉහලට

Admin

Covid-19 ඉතාලියේ 148 බිලිගනී… ලෝකය පුරා මියගිය ගණන 3200 ඉක්මවයි…

colombotoday

අධිකරණ අමාත්‍යාංශය විජේදාසට ද දොලවත්තට ද?

colombotoday

සංචාරක වීසා මත විදෙස් රැකියා ලියාපදිංචිය අත්හිටුවයි

Admin

යාපනය ඩෙල්ෆ් දූපත ආසන්නයේ ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 9ක් අත්අඩංගුවේ

Admin

මහ සගරුවනේ ඉල්ලීමත් නොසැළකේ.. මහින්දගේ හමුදා ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවතට

colombotoday