Colombo Today Local News

වීසා ඔන් ඇරයිවල් පහසුකම අත්හිටුවෙයි

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් 2019 මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වීසා ඔන් ඇරයිවල් (Visa on arrival) පහසුකම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

පාස්කු ඉරිදා එල්ල වුණු ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවෙන් අනතුරුව රටෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය නිසා මෙම තීරණය ගෙන තිබේ.

මේ වැඩසටහන යටතේ ලොව පුරා රටවල් 39 කින් මෙරටට පැමිණෙන සංචාරකයන්ට සිය රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාවලින් වීසා ලබා නොගෙන මෙරටට පැමිණීමෙන් අනතුරුව  ගුවන් තොටුපොළේදී වීසා ලබා ගැනීමේ පහසුකම් හිමිවීමට නියමිතව තිබුණි.

Related posts

රටම එකතැන නවතී.. වෘත්තීය සමිති 160ක් එක්ව දැවැන්ත වර්ජනයකට සැරසෙයි!

colombotoday

ජෙරම්ගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Admin

සීමානීර්ණය මුවාවෙන් ආණ්ඩුව මැතිවරණය මගහරිනවා.. පැෆරල් කෝ.. කැෆේ කෝ.. කෝ මැකෝ

colombotoday

ජනපති බංග්ලාදේශයේ.. ගිවිසුම් රැසක් අත්සන් තැබේ !

colombotoday

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

colombotoday

ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අද

colombotoday