Colombo Today Local News

විදෙස් රටවල සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලු සේවකයින් ගෙන්වා ගැනීමේ තීරණයක්

විදෙස් රටවල සේවයේ නිරතව සිටින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලු සේවකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔහු පවසන්නේ වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මූල්‍ය අර්බුද රැසක් මතුව ඇති බවය.

මේ හේතුවෙන් එම සේවකයින් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බව ද ඒ මහතා පැවසීය.

බදුල්ල හාලිඇළ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Related posts

දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද

Admin

සෞඛ්‍ය සේවාවන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට සමුපකාර පිරවුම්හලෙන් ඉන්ධන

colombotoday

කාදිනල්තුමන්ට කොරෝනා

colombotoday

යුතුකමේ මෙහෙවර ඵලදරයි.. ඇපමුදල් ගෙවා රණවිරුවන් ගෙදර යයි !

colombotoday

ට්‍රම්ප් පාලනය සමග ශ්‍රී ලංකාව නිල සාකච්ඡා අරඹයි !

colombotoday

ගිනිගත් නැවේ වන්දි වලක්වන්න ඩොලර් මිලියන 250ක් පගාව අරන්? – වහෙන් ඔරෝ නැතුව කියන්න අධිකරණ ඇමතිට අභියෝගයක්

Admin