Colombo Today Local News

විදෙස් රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

විදෙස් රටවල රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයින් නව දෙනෙකු විසින් සිදුකළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ හලාවත කොට්ඨාස වංචා විමර්ශන ඒකකය ඊයේ (17)දින සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු විසින් කොළඹ සහ වෙන්නප්පුව යන ප්‍රදේශ කිහිපයක විදෙස් රැකියා සපයන ආයතන පවත්වාගෙන යමින් රැකියා ලබාදෙන බව පවසා රුපියල් 9,100,000 පමණ මුදලක් වංචා කර ඇති බව හලාවත කොට්ඨාස වංචා විමර්ශන ඒකකය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක්

Admin

මේ තත්ත්වය යටතේ කවදාවත් ක්‍රිකට් හදන්න වෙන්නේ නෑ

colombotoday

සජිත්, චම්පික, නවීන් ජවිපෙ 20ට විරුද්ධයි…

colombotoday

රක්ෂිතයකින් දිරාගිය කාන්තා අස්ථි කොටස් හමු වෙයි

Admin

කොළඹ වරායේ කන්ටේනරයක් පුපුරා යයි…

colombotoday

එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කාලිඩ් කිහාරි දිවයිනට

colombotoday