Colombo Today Local News

වැලිකඩ රැඳවින් 310කගේ PCR පරීක්ෂණ අවසන්

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවින් 310 දෙනෙකු ඊයේ (07) දිනයේ පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු පවසන්නේ ඉන් 210 දෙනෙකුගේ ප්‍රතිඵල මේ වන විට ලැබී ඇති නමුත් ඒ කිසිවෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවය.

එමෙන්ම ඊයේ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 186 දෙනෙකු පුනානි හි පිහිටි වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

එම රැඳවියන් යුද හමුදා අධීක්ෂණය යටතේ බන්ධනාගාර නිලධාරින් මඟින් නිරෝධායන කටයුතු සිදු කෙරෙන බව හමුදාපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරින් 07 දෙනෙකු ද නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

ඊයේ දිනයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයා කන්දකාඩු පුනුරුත්තාපන කඳවුරේ සිට වැලිකඩ බන්ධනාගාරයට පැමිණී අයෙකු බැවින් ඊයේ රාත්‍රියේ සිට කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානේ සිටින සියලු දෙනා පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කිරිමට කටයුතු කළ බව ද ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

පසුගිය අප්‍රේල් 30 වනදා වන විට සමාජයෙන් කොවිඩ් නයින්යීන් ආසාදිතයින් තුරන් කිරිමට හැකි වුවද රට තුළ තවදුරටත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සිටින බැවින් වෛරස ව්‍යාප්තිය වැලැක්විම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති ආරක්ෂක ක්‍රමවේදයන් අනුව කටයුතු කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු ජනතාවට දැනුම් දෙයි.

Related posts

ගාලු වරායේ පාවෙන අවි ගබඩාව : චෝදනා එල්ල වී සිටින ඇවන්ට් ගාඞ් සභාපතිට රට යන්න අවසර

colombotoday

ඖෂධ අධිකාරියේ විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නෙරපයි

Admin

ගොයම කහ පැහැ ගැන්වූ ප්‍රදේශවලට පර්යේෂණ කණ්ඩායම්

Admin

එජාප පසුපෙළ නොඑන බව කල්තියා දැන සිටියා; උදය ගම්මන්පිල – මගේ වැය ශීර්ෂය ගැටලුවක්‌ කර ගන්න එපා; චම්පික රණවක

colombotoday

ඉදිරි මාස කිහිපයේදී සයිනොෆාම්-ෆයිසර් එන්නත් තොගයක් ලංකාවට

colombotoday

2015-2018 යහපාලන වංචා දූෂණ හොයන්න ජනපතිගෙන් කොමිසමක්…

colombotoday