Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු සතුව තිබී මෑත කාලයේ සොයා ගත් වැඩිම හෙරොයින් ප්‍රමාණය සොයා ගනී

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු සතුව තිබී මෑතකාලයේදී සොයාගත් වැඩිම හෙරොයින් ප‍්‍රමාණය සොයා ගැනීමට හැකි වී තිබේ. ඒ, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 20 කට අධික ප‍්‍රමාණයක් සොයා ගැනීමත් සමගයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ එම බන්ධනාගාරයේ YO වාට්ටුවේ රදවා සිටි සිරකරුවෙකු සතුව තිබී බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

ඔහු හෙරොයින් සම්බන්ධ නඩුවකට වරදකරු වී සිරදඩුවම් විදින සැකකරුවෙකි.

වාට්ටුවෙන් පිටත සිටින අවස්ථාවකදී ඔහු පිළිබද සැක සිතී වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරී සිදුකළ බන්ධනාගාර නියාමකවරයෙකු විසින් සිරකරු පරීක්‍ෂා කර තිබේ. එහිදී ඔහු සිය ශරීරයේ මෙම හෙරොයින් ප‍්‍රමාණය සගවා ගෙන සිටි බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර ආශි‍්‍රතව සිදුවන විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සදහා මේ වනවිට මෙහෙයුමක්ද ආරම්භ කර අවසන්. ඒ අනුව එක් එක් බන්ධනාගාරවල ඇති තහනම් භාණ්ඩ සහ ද්‍රව්‍ය වහාම ඉවත් කිරීමටයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අදාළ බන්ධනාගාර අධිකාරිවරුන්ට දැනුම් දී ඇත. එම කටයුතු සති දෙකක් තුළ අවසන් විය යුතු බව ද අවධාරණය කර තිබේ.

ඉන්පසු බන්ධනාගාර මූලස්ථානයේ කි‍්‍රයාත්මක බුද්ධි අංශ නිලධාරීන් බන්ධනාගාර හදිසි පරීක්‍ෂාවකට ලක් කිරීමට නියමිතයි. එවිට යම් බන්ධනාගාරයකින් තහනම් භාණ්ඩ බුද්ධි අංශ නිලධාරීන් සොයාගත හොත් එහි වගකීම බන්ධනාගර ඉහළ නිලධාරීන් භාරගත යුතු බවටයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත්තේ.

Related posts

පාඩු පිට පාඩු ලබන තෙල් සංස්ථාවෙන් ඇමති දෙපළට කෝටි 6ක වාහන 2ක්

colombotoday

ආණ්ඩුව ජනතාවට කරන්ට් වද්දවලා

Admin

ශ්‍රීලනිප ඇමතිලාට එරෙහිව එජාපය සටන අරඹයි !

colombotoday

බඹරකැලේ නිවසක ගෑස් ලිපක් පිපිරෙයි

colombotoday

කාබනික කෘෂිකර්මාන්තය කරා සංක්‍රමණය වීමට ඉන්දීය සහය

colombotoday

චන්ද්‍රිකාගේ වැඩමුළුව මෛත්‍රී අනින් නවත්වයි

colombotoday