රට වටා

වාහනේ වීදුරු කළු කලොත් දැඩි දඩුවම්

ටින්ටඩ් යොදා අඳුරු වීදුරු සහිතව හා තිර යොදා ආවරණය කළ වාහන ධාවනය කරන රියැදුරන්ට එරෙහිව පෙරේදා (19දා) මධ්‍යම රාත්‍රියේ සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පී.ඒ. ජගත් චන්ද්‍රසිරි මහතා පොලිසියට උපදෙස් දී තිබේ.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමතයකින් තොරව අඳුරු කරන ලද වීදුරු සහිතව හෝ තිරවලින් ආවරණය කරන ලද වාහන ධාවනය තහනම් වෙයි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශය ලබාගන්නා ප්‍රභූන්ට හා ව්‍යාපාරිකයන් ඇතුළු සුවිශේෂී පුද්ගලයන්ට අඳුරු කරන ලද වීදුරු සහිතව හෝ තිර ආවරණ සහිත වාහන භාවිතයට අවසර ලබාදෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

විවිධ අපරාධ සඳහා වාහන අවභාවිත කිරීම වැළැක්වීමේ අරමුණ ඇතිව මේ පියවර ගත් බවද හෙතෙම පෙන්වා දෙයි.

Related posts

විද්‍යාඥ මතයට සවන් දුන්නා නම් නියගය ආපදාවක්‌ වන්නේ නැත

colombotoday

ගල්කිස්ස අධිකරණ ශාලාවේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක්

colombotoday

කුවේට් හි විදේශ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ගාස්තු ඉහළට

colombotoday

සයිටම් එපා !… පා ගමනක් මොරටුව සරසවියේ සිට

colombotoday

ගුරුවරුන් කවි ලිව්වොත් දඩුවම් ?

colombotoday

මහජන බැංකුව තෛපොන්ගල් උත්සවය සමරයි

colombotoday