Colombo Today Local News

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 75 ඉක්මවයි

ගෝලීය කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 75 ඉක්මවා ගොස් තිබේ.

වාර්තා වන සමස්ත මරණ ගණන 423,846 කි.

මේ අතර ඉන්දියාව, දිනක් තුළ ලොව වැඩිම වෛරස ආසාදිතයින්ගේ ලැයිස්තුවේ 04 වන ස්ථානයට පත්ව තිබේ.

ලොව වැඩිම කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට ඉන්දියාව පත්ව ඇති අතර එරටින් ඊයේ (11) නව ආසාදිතයින් 11,128 දෙනෙකු හඳුනා ගැණුනි.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් ගණන 298,283 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එරට වාණිජ අගනුවර වන මුම්බායි නගරයෙන් පමණක් වාර්තාවන ආසාදිතයින් ගණන, කොවිඩ් වසංගතය පළමුවරට හඳුනාගත් වූහාන් නගරයෙන් වාර්තාවන ආසාදිතයින් ගණනද ඉක්මවා ගොස් තිබේ.

ධාරිතාව ඉක්මවා වේගයෙන් ආසාදිතයින් වාර්තාවීමත් සමඟින් එරට රෝහල් දැඩි අර්බුදයකට මුහුණපා ඇති අතර, බොහෝ රෝගීන් ප්‍රතිකාර නොලබාම මියයාමේ අවදානමක් උද්ගත වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කොවිඩ් ආසාදිත ලක්ෂණ පෙන්නුම් කළ අට මස් ගැබිණියක් රෝහල් නවයකින් ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ගිලන් රථය තුළම මියගොස් තිබීමේ පුවතක් ද ඉන්දියාවෙන් වාර්තා වෙයි.

කොවිඩ් ආසාදිතයින් ලක්ෂ විසි එකකට ආසන්න පිරිසක් වාර්තා වී ඇති අමෙරිකාවෙ සැලකෙන්නේ වසංගතයේ වැඩිම බලපෑමකට ලක්වූ රාජ්‍යය ලෙසයි.

අද වනවිට ඉන් අමෙරිකාවේ පමණක් සිදුව ඇති මරණ ගණන 116,034 කි.

එමෙන්ම දෙවැනි කොවිඩ් ආසාදිත රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා පළවීමත් සමඟ එරට ආර්ථිකය නැවතත් දරුණු පසුබෑමකට ලක්ව තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඉතාමත් අසීරු තත්ත්වයකට පත්ව සිටින දකුණු අමෙරිකානු කලාපීය ප්‍රබලයා වන බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 41,058 කි.

Related posts

ඉෂාලිනිගේ සිරුර ගොඩගැනීම 30වනදා.. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

colombotoday

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි !

colombotoday

දූෂණ මර්දන කාර්යාලය වැහුවේ බැඳුම්කරයේ විමර්ශන යට ගහන්නයි !

colombotoday

ලංකාවේ තර්ජණ කියා කැනඩාවේ සරණාගත වීසා ඉල්ලූ ද්‍රවිඩ පවුලක් පිටුවහල් කරයි

colombotoday

අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට නොමිලේ යුරියා

colombotoday