Colombo Today Local Newsජනාධිපතිවරණය

ලාංඡනය පිළිබඳ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වෙයි !

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර, පුළුල් සන්ධානයක් ගොඩනැගීමේදී ජනාධිපතිවරණයට භාවිත කරන ලාංඡනය පිළිබඳ සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.

ලාංඡනය වෙනස් කිරීම පිළිබඳව අද (03දා) රාත්‍රී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණු අතර, එය එකඟතාවකින් තොරව අවසන් වුවත්, පුළුල් සන්ධානයක් ගොඩනැගීම පිළිබඳව යම් යම් එකඟතාවන්වලට පැමිණ තිබේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිර ජයසේකර මහතාගෙන් ‘අද’ කළ විමසීමකදී සඳහන් කළේ ලාංඡනය පිළිබඳව අවසන් තීරණයක් සාකච්ඡාවලදී පැමිණීමට නොහැකි වූ බවයි.

Related posts

නාමල් වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

colombotoday

අධිකරණ අමාත්‍යාංශය විජේදාසට ද දොලවත්තට ද?

colombotoday

හතුරුසිංහට ඉවත් වෙන්නැයි දන්වයි !

colombotoday

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම්

colombotoday

ජනාධිපති නිල නිවසින් හමු වූ මුදල් මහජන ආරක්ෂක ඇමැතිට භාරදෙන්න කිවූ දේශබන්දුට සිතාසි

Admin

ජනමතයට නිගරු කරමින් ද්විත්ව පුරවැසියන්ට රටේ පාලනය භාරදීමේ උත්සාහය පරාජය කරමු – කරු ජයසූරියගෙන් මාධ්‍ය නිවේදනයක්

colombotoday