Colombo Today Local News

ලංකාවට සම්බන්ධයෙන් රටවල් හතරකින් ඒකාබද්ධ නිවේදනයක්…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරයට සමගාමීව බ්‍රිතාන්‍යය, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රො යන රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංග කිහිපයක් තවමත් සකස් වී නොමැති බව එමගින් පෙන්වා දී ඇති අතර ව්‍යවස්ථාමය වෙනසක් තුළින් බලය විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියක් නොමැති බව ඉන් අවධාරණය කර සිටියි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 සැසිවාරයට සමාන්තරව ජර්මනිය , බ්‍රිතාන්‍යය,මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රො යන රටවල් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙන අතර එය බ්‍රිතාන්‍ය රජයේ නිල වෙබ් අඩවියේ දක්වා තිබේ.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීම අගය කරන නමුත් කඩිනමින් වන්දි ගෙවීමේ කාර්යාලයක් ද රජය විසින් පිහිටුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ සඳහන්ය.

30/1 සම අනුග්‍රහය දැක්වීමේ යෝජනාව මගින් ජාතික වගවීමේ යාන්ත්‍රණයක අවශ්‍යතාව සහ ජාතීන් අතර විශ්වාසය ගොඩනැගීම ශ්‍රී ලංකාව විසින් පිළිගෙන ඇති නමුත් මෙතෙක් ඒවා ස්ථාපිත වී නොමැති බවද එමගින් පෙන්වා දී තිබේ.

බලය විමධ්‍යගත කිරීමේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ඉදිරියට යන ආකාරයක් නොපෙනෙන බව  පවසන එම රටවල්,මාර්තු මස ප්‍රගති සමාලෝචනයට පෙර 30/1 හා 34/1 යන යෝජනා වඩා ප්‍රමුඛත්වයක් තුළින් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව අවධාරණය කරයි.

 

Related posts

දැයට පණ දුන් ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිපාණන් දැයෙන් සමුගෙන වසර 68යි

colombotoday

ඇමතිකමක් දෙන්න ජනපති තොන්ඩමන්ට අඩගසයි…

colombotoday

යුද අපරාධ සිදු කළැයි මේජර් ජෙනරාල් චාගිට ඕස්ට්‍රේලියාවේ වීසා ලබා දීම අත්හිටුවයි

colombotoday

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය මහාචාර්ය ජී.එච්. පීරිස්ට

colombotoday

පොල් මිළ ඉහළ යද්දී ෆාම් තෙල් කලවම් බාල පොල්තෙල් වෙළඳපොලට !

colombotoday

මං නිධන් කැඩුවානම් මට හෙන ගහපං… ඇමති සජිත් තමන්ටම සාප කරගනී…

colombotoday