Colombo Today Local News

රු. බිලියන 90 කට අධික මුදලක් රජයට අහිමි වී ඇතැයි පැවසෙන විදුලි බල ගනුදෙනුව ගැන වාර්තාවක් කැඳවයි

රු. බිලියන 90 කට අධික මුදලක් රජයට අහිමි කර ඇතැයි පැවසෙන එල්.එන්.ජී. ගනුදෙනුව සම්බන්ධව වහාම තමන්ට වාර්තාවක් ලබාදෙන්නැයි මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පසුගිය රජය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ එල්.එන්.ජී. (ස්වභාවික ද්‍රව වායු) ව්‍යාපෘතිය පිළිබදව සාකච්ඡාවක් අද (02) පෙරවරුවේ ඛනිජතෙල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී හෙළිදරව් වූ කරුණු අනුව 63% රජයේ අයිතිය සහිත සමාගමකට එම කොන්ත්‍රාත්තුව බාර නොදී, චීන සමාගමකට අදාළ කොන්ත්‍රාත්තුව ලබාදීම මගින් ශ්‍රී ලංකා රජයට මේ වනවිට රු. බිලියන 90 කට අධික මුදලක් අහිමිවී ඇතැයි අනාවරණය විය. මෙම එල්.එන්.ජී. ටෙන්ඩරය සදහා දේශීය සමාගමක් විසින් වැඩිම පිරිවිතරයන් ඉදිරිපත් කර තිබියදීත්, විදුලිබල අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ වුවමානවට එම ටෙන්ඩරය අඩු මුදලක් සහිත පිරිවිතරයන් ඉදිරිපත් කර තිබූ චීන සමාගමකට ලබාදීමට අනුමැතිය ලබාදී තිබේ.

අද දින පැවති සාකච්ඡාවට අදාළ දේශීය සමාගමේ නියෝජිතයන් මෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ද සහභාගී වී සිටියහ.

එහිදී මෙම ගනුදෙනුව සම්බන්ධව තමන්ට සවිස්තර වාර්තාවක් වහාම ලබාදෙන ලෙසත්, මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට මෙම මස 05 වන බ්‍රහස්පතින්දා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අද දින පැවති මෙම සාකච්ඡාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වි සිටියහ.

Related posts

කොළඹ මාර්ග නීති කඩකරන්නන් හඳුන ගන්න අලුත් ක්‍රමයක්

Admin

ඉන්දියාවේ සිට එන පූර්ණ එන්නත්කරණයට ලක් වූ ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

colombotoday

සෙල්ලම් පිස්තෝල නඩුවේ නගරාධිපතිට වසර 5ක සිර දඬුවම්

colombotoday

ලියාපදිංචි නැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් තිබෙනවා – රාජිත සේනාරත්න කියයි

Admin

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

“හොරුන්ට හොරු කියනකොට තරහ යනව, මුන් හොරු තමයි” – ඇමති ඩිලාන් උඩ පැන පැන එජාපයට තලයි

colombotoday