Colombo Today Local News

රාධා ජුවලර්ස් හි හිමිකරුට රු.7,500ක ඇපයක් හා ශරීර ඇප 4ක්

රියදුරු බලපත්‍රයක් භාරගෙන ඒ වෙනුවට පොලිස් නිලධාරියකු විසින් නිකුත්කරනු ලබන අවසර පත්‍රයක් නිකුත් කිරීමේ වරදට අත්අඩංගුවට ගත් රාධා ජුවලර්ස් හි හිමිකරු වන රොසයිරෝ රත්නකුමාර මතායස් මහතා රුපියල් 7,500ක ඇපයක් හා ශරීර ඇප 4ක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (24) නියෝග කළේය.

පිටකොටුව ගෑස්පහ ප්‍රදේශයේදී පොලිසිය සෝදිසි කළ ලොරියක රියදුරෙකු වන ගුණදාස විජේවීර නැමැති අය සන්තකයේ තිබී අදාල අවසර පත්‍රය පොලිසිය විසින් පසුගිය 18 වැනිදා සොයාගෙන තිබිණි. රියදුරාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබුණේ මේ රියදුරු බලපත්‍රය රාධා ජුවලර්ස් හි හිමිකරු විසින් ඔහුට රුපියල් 1,000ක මුදලක් ලබාගෙන දී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු බොරැල්ල පොලිසියේ සැරයන් අජන්ත සනත් කුමාර (26663) නැමැත්තා අත්අඩංගුවට ලබන දෙසැම්බර් 01 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට ද විනිසුරුවරයා නියෝග කර තිබේ.

Related posts

73 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව

colombotoday

දරුවන් දෙදෙනෙක් මහවැලියට බිලි වෙයි

Admin

කෝටි 11කට අලෙවි කිරීමට තැත්කළ පුරාවස්තු සමග 05ක් දැලේ

colombotoday

නීති විරෝධීව බ්‍රිතාන්‍යයෙන් එවූ අවසන් කසළ තොගය යලි නැව්ගත කරයි

colombotoday

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණය පැමිණිල්ලක් යළි කැඳවෙයි

Admin

මුහුදු වෙරලේ දියනැමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්

Admin