Colombo Today Local News

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණය පැමිණිල්ලක් යළි කැඳවෙයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහි ව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පෙබරවාරි 15 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14)දින නියම කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීම හරහා මුදල් විශුද්ධිකරණය පිළිබඳ මන්ත්‍රීවරයාට චෝදනාවක් එල්ල වී තිබිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ මෙම පැමිණිල්ල අද(14)දින කැඳවනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිට ඇත්තේ, මෙම විමර්ශනයට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ අනුව, අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 15 වැනිදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, එදින එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස ද පොලිසියට නියම කර තිබේ.

Related posts

ඉඩම් මැනීම ඇමරිකාවට.. රෙදි සේදීම ඉන්දියාවට.. සෝමාවතී රක්ෂිතයත් ඇමරිකානු ඩෝල් සමාගමට

colombotoday

මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි – මහ බැංකු අධිපති

Admin

උසස් පෙළ සිසුන්ට “ටැබ්“ ලබාදීමට ජනපිත එරෙහි වෙයි.. අගමැති ඉදිරියේම යෝජනාව කුණු කූඩෙට දමයි

colombotoday

කොළඹට පැමිනෙන නැව් ඉහලයාමක්

Admin

මුඛ ආවරණයේ සැගවා සිටි හෙරොයින්

colombotoday

දුම්වැටියක මිල ඉහළට

colombotoday