Colombo Today Local News

රාති‍්‍ර කාලයේ පුහුණුවිම් කරන මුස්ලිම් දේවස්ථානයක් වටලයි

මාතර , වැලිගම , වැලිපිටිය අසිසියා මුස්ලිමි දේවස්ථානයේ අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලැබුණ තොරතුරක් මත බෝම්බ නිෂ්කි‍්‍රය අංශයේ නිළ  සුනඛයා යොදාගෙන අද  (23)  එම ස්ථානය විශේෂ සෝදිසි  මෙහෙයුමක් දියත් කරනු ලැබිය .

 වැලිගම පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම සොදිසි කිරිම දියත් කල අතර ඒ අනුව ඊයේ (22) රාති‍්‍රයේ සිට පොලිස් නිලධාරින් දෙදෙනෙක් එම ස්ථානයේ රඳවා තිබුණි . තංගල්ල පොලීසියේ බොම්බ නිෂ්කි‍්‍රය අංශයේ නිළ සුනඛයා යොදාගෙන අද  දහවල් 12 ට පමණ සොදිසි කිරිම් ආරම්භ කල අතර පැය 3ක පමණ සෝදිසියකින් පමණ සොදිසි කිරිම් අවසන් කෙරුණි . එහිදි සැකකටයුතු කිසිවක් හමු නොවු බව පොලිස් නිලධාරින් පැවසිය .

එහෙත් ප‍්‍රදේශවාසින් පවසන්නේ රාති‍්‍ර කාලයේ මෙම ස්ථානයේ යම් පුහුණුවිම් සිදුකරන බවත් විවිධ ප‍්‍රදේශ වලින් මුස්ලිම් ජාතිකයන් මෙම ස්ථානයට පැමිණ සිටින බවත්ය .

Related posts

මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව පමාවෙයි

Admin

විශ්වාසභංගයට ඡන්දය නොදුන්නේ ජනපති උපදෙස් අනුවයි..

colombotoday

ශ්‍රී ලාංකිකයින් 5800කට කොරියාවේ රැකියා

colombotoday

එක්සත් ජාතික පක්ෂ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

colombotoday

අවුල තව දුර යයි.. සයිටම් පවරා නොගත්තොත් රට පුරා වර්ජන රැල්ලක්

colombotoday

සිංගප්පූරුව සමග රටට අවාසි ගිවිසුමක් ගහලා.. ආර්ථිකය වනසන ඇමති ඉවත් කරන්නැයි ඉල්ලයි

colombotoday