Colombo Today Local News

රාජාංගනයේ සංචරණ සීමාවන් සම්පූර්ණයෙන් ඉවතට

කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම හේතුවෙන් රාජාංගනය ප්‍රදේශයට පනවා තිබූ සංචරණ සීමාවන් අද (31)දින සිට සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.

රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට පනවා තිබූ සංචරණ සීමාවන් පසුගිය 27 වැනිදා සිට අදියර දෙකක් යටතේ ඉවත් කිරීමටයි පියවර ගෙන තිබුණි.

මේ අතර පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයාගේ ආශ්‍රිතයින් පිරිසක් අද (31) දිනයේ ද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව ඇත.

ඊයේ එම ආසාදිතයාගේ ආශ්‍රිතයින් 158 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

පී.සී.ආර් පරීක්ෂණ සඳහා ලක් කළ පිරිස අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාමාජිකයින්, ප්‍රදේශවාසීන්, ආසාදිතයාගේ ඥාතීන් මෙන්ම පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ද වූ බව වාර්තා වේ.

අද දිනයේ ද එම ආසාදිතයාගේ ආශ්‍රිතයින් හඳුනාගනිමින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු තවදුරටත් සීමා කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රාදේශීය ලේකම් ඉන්දික කරුණාරත්න මහතා පවසයි.

Related posts

සංවිධානාත්මක අපරාධ කල්ලි වලට සම්බන්ධ පුද්ගලයින් 16 දෙනෙකු සිදුකල විශේෂ මෙහෙයුම් වලදී අත්අඩංගුවට

Admin

නවක සාමණේර හිමිවරුන් පුහුණු කිරීමේ ජාතික වැඩසටහනක්

colombotoday

පාලිත තෙවරප්පෙරුම සවලකින් පහර දුන් අයෙක් අත බිදී රෝහලේ

colombotoday

අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් පලවන වාර්තා අසත්‍යයි

colombotoday

“ජගත් ජයසූරියට නඩු දැමීම මූදෙන් එගොඩ ප්‍රශ්නයක්.. කාටවත් අත තියන්න දෙන්නෑ” – ජනපති

colombotoday

කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසර අධ්‍යයන කටයුතු ලබන 13 වනදා ඇරඹීමට තීරණයක්

colombotoday