Colombo Today Local News

රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් පත් කිරීමේ බලය අමාත්‍යවරුන්ගෙන් ඉවතට…

රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපති මණ්ඩල, සංස්ථා, රාජ්‍ය ව්‍යවසාය සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත්කිරීමේදි නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ අනුව ඉදිරියේදී එම කමිටුව හරහා ලබාදෙන නිර්දේශ මත නිල බලයෙන් පත්වන අධ්‍යක්ෂවරුන් හැර අනෙකුත් සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීම සිදුවෙනු ඇත.

පිළිගත් උපාධියක්, වෘත්තීය සුදුසුකම් හා දීර්ඝ වෘත්තීය පළපුරුද්ද අනුව එම නිලධාරීන් ඉදිරියට පත්කිරීමට නියමිතය.

මේ සඳහා ජනපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇති එහි අනෙකුත් නියෝජිතයන් වන්නේ ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්.ජේ.එස්. කරුණාරත්න, අගමැතිවරයා පත්කරන නියෝජිතයන් දෙදෙනෙක්, මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා නම් කරන පුද්ගලයෙක් ඇතුළත් වෙයි.

Related posts

ඉන්ධන ගැටළුට කෝප් කමිටුවෙන් නිර්දේශ මාලාවක්

colombotoday

පෝර්ට් සිටී නව ගිවිසුම අත්සන් තැබේ.. චීනයට අක්කර 257 ක්.. පැරණි ගිවිසුමටත් වැඩියෙන් මුහුද ගොඩකරයි

colombotoday

ගවයන් සිටියත් අපට අවශ්‍ය වැඩකටයුතු සිදුවන්නේ නැහැ – අගමැති

colombotoday

ජනක දින 14කට රිමාන්ඩ්

colombotoday

ජවිපෙ සමන්තට එරෙහිව ඌව මහ ඇමති සීනිගමදී මිරිස් අඹරයි

colombotoday

පන්සලේ හාමුදුරුවෝ බොදු බල සේනා රැස්වීම්වලට යනවද? ගොකරැල්ල පොලිසිය ගම්මුන්ගෙන් අසයි

colombotoday