Colombo Today Local News

රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මාසික වැටුප රු. ලක්ෂයට බස්සයි… වියදම් අවම කිරීමට ජනපති නියෝග !

රාජ්‍ය ආයතන සභාපතිවරුන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂයකට සීමා කරමින් ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට යොමු කර ඇතැයි සඳහන්.

එම චක්‍රලේඛයට අනුව සභාපතිවරයා සඳහා මාසිකව ලබාදිය යුත්තේ ඉන්ධන ලීටර් 150ක් පමණයි.

අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයන් සඳහා මාසිකව රුපියල් 25,000ක දීමනාවක් ලබාදිය යුතු අතර වෙනත් කිසිදු දීමනාවක් නොලැබෙන බව සඳහන්.

රාජ්‍ය ආයතනවල මෙතෙක් පැවැති ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුරු අහෝසි කර ඇති අතර, අවශ්‍ය නම් පමණක් ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු පත් කළ හැකියි.

එමෙන්ම, සභාපතිවරුන් සඳහා භාවිත කළ හැකි වන්නේ එක් නිල රථයක් පමණයි.

රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය ආයතන අවම වියදමකින් පවත්වාගෙන යා යුතු බවද ජනාධිපති කාර්යාලය උපදෙස් ලබාදී තිබෙනවා.

Related posts

ආයෝජන තොරතුරු ඩිජිටල් කරන්න ජනපතිගෙන් උපදෙස්…

Admin

වැට් බද්ද සියයට 15 දක්වා අපමණ අගයකින් ඉහළට!

colombotoday

දුම්රිය එන්ජින් රියැදුරු සංගමය වර්ජනයක්

colombotoday

පාසැල් සිසුන් ප්‍රවාහණය කරන වෑන් රථ සදහා “කහ” වර්ණය අනිවාර්ය කෙරේ

colombotoday

උතුරු නැගෙනහිර සතුන් මියා යාමට හේතුව මෙන්න

Admin

විල්පත්තු සංහාරය බැදුම්කර හානියට වඩා වැඩියි.. සියළු වංචා දූෂණවලට වඩා බරපතලයි !

colombotoday