Colombo Today Local News

රාජපක්‍ෂ සහගහන බදු ගහලා..

අද ජනතාව විශාල වශයෙන් ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කරයි.

අද වන විට ජනතාව විශාල වශයෙන් උකස්බඩු පෝලිම් වල සිටින බව ද ඔහු සදහන් කරයි.

එසේ අන්ත අසරණ වී සිටින ජනතාවට ගෝඨාභය රාජපක්ෂගේ සහගහන බදු පටවා ඇතැයිද ඔහු කියා සිටියේය.

අද සෑම පෙට්ට්‍රල් ලීටරයකටම රුපියල් 112ක් ඩීසල් ලීටරයකට රුපියල් 70ක් රාජපක්‍ෂ සහගහන බදු ගසා ඇති බවත් ඔහු කියා සිටී.

අද ගල් අඟුරු ශ්‍රී තුට්ටු දෙකට විටී තිබුණත් විදුලි බිල සිව් ගුණයකින් ඉහළ නංවා ඇතැයි ද ඔහු චෝදනා කරයි. ජල බිල ද තුන් ගුණයකින් ඉහළ නංවා ඇතැයි ගෑස් මිලද අඩු කර නැතැයිද ඔහු සඳහන් කරයි.

මහ මැතිවරණය සදහා වූ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කලේය.

Related posts

විජයකලා මහේෂ්වරන්ට සිතාසි

colombotoday

ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

Admin

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති බැඳුම්කර නඩුවක් කල්යයි

colombotoday

“ITN වැඩිහිටියන්ට පමණයි” වැඩසටහන් වෙනුවෙන් කැෆේ කිර්ති කඩේ යයි

colombotoday

යල කන්නයට ඉන්දියාවෙන් ණයට පොහොර

colombotoday

ගෝඨාගේ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday