Colombo Today Local News

රහසේම ඩෙංගු යළි හිස ඔසවයි – සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.

ඩෙංගු රෝගය යළි ක‍්‍රමක‍්‍රමයෙන් හිස ඔසවමින් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.

වෛද්‍යවරුන් පවසන්නේ ප‍්‍රදේශ කිහිපයකින් දැනටමත් ඩෙංගු රෝගීන් වාර්තාවෙමින් ඇති බවයි. සාමාන්‍යයෙන් ජුනි සහ ජූලි යන මාසවල ඩෙංගු රෝගීන්ගේ ක‍්‍රමික වැඩිවීමක් පෙන්නුම් කළද මේ වසරේ එවැන්නක් සිදුවූයේ නැහැ.

එහෙත් වසරේ අග භාගය වනවිට ක‍්‍රමක‍්‍රමයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන තත්ත්වයක් පෙනෙන්ට ඇති බවයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසුවේ. මදුරු කීටයින් බහුලව සිිටින බවට ප‍්‍රදේශ රැසකින් තොරතුරු වාර්තා වී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

සිදුකර ඇති සමීක්‍ෂණයේදී අනාවරණ වී ඇත්තේ මහනුවර සහ රත්නපුර යන ප‍්‍රදේශවලින් ඩෙංගු රෝගීන්ගේ වැඩි වාර්තාවීමක් සිදුවී ඇති බවයි. කොළඹ ප‍්‍රදේශ කිහිපයකින්ද ඩෙංගු රෝගීන් හමුවී තිබෙනවා.

මේ අනුව බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඩෙංගු අවදානම පිළිබඳවද අවදානයෙන් කටයුතු කරන ලෙසයි.

Related posts

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ තැන මාරුවෙයි

Admin

කොරෝනා යැයි සැක අටළුගම 20 ක් බණ්ඩාරගම නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday

අපි ආය ආණ්ඩුව ගත්තාම පක්ෂයේ ඉන්න ටයි කෝට් කාරයෝ පන්නවා – මරිකාර්

colombotoday

රනිල් මෛත්‍රී එකතු වෙලා දිවුරති

colombotoday

ජොනී ඇතුළු තුනකට අධි චෝදනා භාර දෙයි

colombotoday

තෙල් ඇති නැති තැන් සොයන්න අලුත් ක්‍රමයක් තෙල් සංස්ථාවෙන්

colombotoday