Colombo Today Local News

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ තැන මාරුවෙයි

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය මාර්තු 31වන දින සිට තාවකාලික වෙනත් ගොඩනැගිල්ලකට ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය පවසයි.

ඒ අනුව, දැනට පළමු මහළ, බ්‍රිස්ටල් ගොඩනැගිල්ල, 43-89, යෝර්ක් වීදිය, කොළඹ 1 යන ලිපිනයෙහි පිහිටා ඇති වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය නො. 53 ලිපිනයේ පිහිටි ACUITY ගොඩනැගිල්ලේ තුන්වන මහලෙහි තාවකාලිකව ස්ථාපනය කෙරෙනු ඇත.

අප්‍රේල් මස 1 වන දින සිට වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයෙන් සේවාලාභීන් වෙත සපයනු ලබන සේවා සම්බන්ධයෙන් යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බැවින් පහත දුරකතන අංක භාවිත කර අවශ්‍ය සේවා සඳහා උපදෙස් ලබා ගන්නා ලෙස ත් අප්‍රේල් 1 වන සහ 2 වන දිනයන්හි මාර්ගගත සේවා තාවකාලිකව අත්හිටුවීමට සිදු වන බව ත් දැනුම් දී ඇත.

දුරකතන අංක: 011 2 441429 / 011 2 530305 / 011 2 449236

WhatsApp අංකය: 070 1107788 (කෙටි පණිවිඩ පමණි.)

Related posts

මත්තල ගුවන්තොටුපළෙන් වාර්තාගත ආදායමක් (Video)

colombotoday

රූකාන්තට ගුටිබැට ප්‍රහාරයක්…

colombotoday

නුවර බොදු සමුළුවට පැමිණි වරකාපොල තරුණයකුට මුස්ලිම් අන්තවාදී තර්ජන

colombotoday

“රට පාලනය කරන්නේ සමලිංගිකයෝ” කතාවට ඥානසාර හිමිට නඩු වැටෙන ලකුණු

colombotoday

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

colombotoday

රාජපක්‍ෂ සහගහන බදු ගහලා..

colombotoday