Colombo Today Local News

රවී ඇතුළු හත් දෙනාගේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කෙරේ

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු හත් දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් දෙසැම්බර් මස 18 වැනි දා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය අද (21)දින නියෝග කළා.

මෙම පෙත්සම්වලට එරෙහිව විරෝධතා අද දින ගොනු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක පවසා සිටියා.

ඒ අනුව එම විරෝධතා වලට එරෙහිව ප්‍රතිවිරෝධතා ඔක්තෝබර් මස 13 දා ට පෙර ගොනු කරන ලෙසට අභියාචනාධිකරණය පෙත්සම්කරුවන්ට නියෝග කළා.

2016 වර්ෂයේ සිදු වූ බැදුම්කර වංචාවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇති වරෙන්තු ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

රවි කරුණානායක මහතාට අමතරව පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ අර්ජුන ඇලෝසියස්, එස්. පදුමනාපන් සහ ඉංදික සමන් කුමාර යන අය ද රිට් පෙත්සම් ගොනු කර තිබුණා.

2016 මාර්තු මාසයේදී සිදුවූ බැඳුම්කර නිකුතුවේදී සිදු වී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මාර්තු මස 06 වැනි දා වරෙන්තු නිකුත් කරන ලදි.

රවි කරුණානායක සිය පෙත්සමෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාර්තු මස 6 දා ඔහුට එරෙහිව නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටියා.

Related posts

කොටස් වෙළදපොළ ඒකක 6000 සීමාවෙනුත් පහළට ඇද වැටේ.. වෙබ් අඩවියේ දත්ත මකා දැමේ !

colombotoday

රෝහල් 55 කට සුළු සේවා පාලක පත්වීම් 108 ක්

colombotoday

කුරුණෑගල නගරාධිපතිගේ එන්නත් ඥාති සංග්‍රහයට අදාළ හඬපටයක් අළෙවි කරලා. | “දෙරණ අරුණ” මාධ්‍යවේදියකුගේ වැඩ තහනම්

colombotoday

සමගිජනබලවේගය “ඩයනාගේ” පක්ෂ සාමාජිකත්වය තහනම් කරයි

colombotoday

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සුදානම් – චමල්, බැසිල්, නාමල්ට ඇමති ධූර නෑ.

colombotoday

බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

colombotoday