Colombo Today Local News

රවී ඇතුළු හත් දෙනාගේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කෙරේ

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු හත් දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් දෙසැම්බර් මස 18 වැනි දා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය අද (21)දින නියෝග කළා.

මෙම පෙත්සම්වලට එරෙහිව විරෝධතා අද දින ගොනු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක පවසා සිටියා.

ඒ අනුව එම විරෝධතා වලට එරෙහිව ප්‍රතිවිරෝධතා ඔක්තෝබර් මස 13 දා ට පෙර ගොනු කරන ලෙසට අභියාචනාධිකරණය පෙත්සම්කරුවන්ට නියෝග කළා.

2016 වර්ෂයේ සිදු වූ බැදුම්කර වංචාවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇති වරෙන්තු ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

රවි කරුණානායක මහතාට අමතරව පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ අර්ජුන ඇලෝසියස්, එස්. පදුමනාපන් සහ ඉංදික සමන් කුමාර යන අය ද රිට් පෙත්සම් ගොනු කර තිබුණා.

2016 මාර්තු මාසයේදී සිදුවූ බැඳුම්කර නිකුතුවේදී සිදු වී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මාර්තු මස 06 වැනි දා වරෙන්තු නිකුත් කරන ලදි.

රවි කරුණානායක සිය පෙත්සමෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාර්තු මස 6 දා ඔහුට එරෙහිව නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටියා.

Related posts

දිවයින පුරා වෛද්‍යවරු අද විරෝධයක

Admin

ජනපති රනිල් යළි දිවයිනට

Admin

පොලිස්පතිකම නොලැබුණු නි. පොලිස්පති වික්‍රමසිංහ කලකිරීමෙන්.. පොලීසියෙන් ඉල්ලා අස්වේ?

colombotoday

විමල් වීරවංශ නිවැරදිකරු.. අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday

කතක් නිවස තුළ මරා දාලා…

Admin

ගෑස් මිල අඩු වීම හා තේ කෝප්පයේ මාධ්‍ය සංදර්ශනය

colombotoday