Colombo Today Local News

රනිල්ට, සජිත්ට වඩා දෙගුණයක් වැඩියෙන් මනාප ගැනීමේ දොලදුකක් තමන්ට හැදී ඇති බව විමල් කියයි

තමන්ට දේශපාලන වශයෙන් දොළදුකක් වැළඳී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත‍්‍ර‍්‍රික්කයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතාත් සජිත් ප්‍රේමදාස මහතාත් තරග වදින බවත් ඔවුන් දෙදෙනාටම වඩා දෙගුණයක් වැඩියෙන් මනාප ගැනීමේ ආශාවක් තමන්ට ඇතිව තිබෙන බවත් ඔහු පැවසීය.

එම දොළදුක සංසිඳවීම තමන්ට තනිවම කළ හැක්කක් නොවන බවත් එය සංසිඳවීම ජනතාව විසින් කල යුතු බවත් එය සංසිඳවුවහොත් ලැබෙන ප‍්‍රතිඵලය රටටම බවත් ඔහු කියා සිටියේය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහමැතිවරණය වෙනුවෙන් පැවති ජනහමුවක් අමතමිනි.

Related posts

මාර්තු මාසයේ උද්ධමනය පහලට

Admin

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ආහාර වර්ජනයක

colombotoday

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “බොදු බල සේනා දිවි සරණ.”

colombotoday

සාරා ජස්මින් මියගිය බව DNA හරහා තහවුරු කරයි

Admin

සිල්රෙදි නඩුවේ තීන්දුව දෙයි.. ලලිත් වීරතුංගට, අනූෂ පැල්පිටට වසර තුනක සිරදඬුවම් !

colombotoday

1997 ඉන්දුනීසියාවේ අත්හදා බැලූ බටහිර කුමන්ත්‍රණය දැන් ලංකාවේ ක්‍රියාත්මකයි !

colombotoday