Colombo Today Local News

දෙමළ අයිතිවාසිකම් සිංහලයන් තෑගි දෙන්නේ නෑ, අරගල කර දිනාගත යුතුයි. සෝල්හයිම් දෙමළ ජාත්‍යන්තරය අවුලවයි

ranil balasingham

අගමැති රනිල් වික්‍රමසිංහ සහ එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු න්‍යයාචාර්ය ඇන්ටන් බාලසිංහම් ‘සාම වීරයන්’ ලෙස තමා සලකන බව සාම ක්‍රියාදාමය සමයේ නෝර්වේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධුරය හෙබවූ වීඩාර් හෙල්ගසන් පවසයි.

ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමයේ නෝර්වේ රාජ්‍යයේ දායකත්වය අලලා මාක් සෝල්ටර් විසින් රචිත ‘සිවිල් යුද්ධයක් නිම කිරීම’ (To end a civil war) පොත එලි දැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පැවති සභාවක් අමතා විඩාර් හෙල්ගසන් ඒ බව පවසා ඇත.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සිංහලයන් විසින් තෑගි දෙනු ඇතැයි කිසි විටෙකත් බලාපොරොත්තු නොවන ලෙස මෙම සභාව අමතා අදහස් දැක්වූ හිටපු නෝර්වේ අමාත්‍ය එරික් සොල්හයිම් ප්‍රකාශ කර ඇත. අයිතිවාසිකම් දිනා ගැනීමට නම් උතුරේත් විදේශ වලත් දෙමළ ජනතාව විවිධාකාරයෙන් අරගල කළ යුතු බව ඔහු අවධාරණය කර ඇත.

දිවයිනේ සිංහල බහුතරයක ඡන්ද ලබාගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව කී එරික් සොල්හයිම්, එය දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිය ලබා දීමට දකුණේ බහුතරයක ඇති නොකැමැත්ත පෙන්නුම් කරන්නක් ලෙස හඳුන්වා දුන්නේය.

Bala - Ranil 02_600px_15_10_30එල්ටීටීඊ සංවිධානය සහ රජය අතර සටන් විරාමයකින් 2002 ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා සාම ක්‍රියාදාමයේ පහසුකම්කාරකයා ලෙස කටයුතු කළ සෝල්හයිම්, එය අසාර්ථක වීමට හේතු ලෙස දැක්වුයේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර සංහිඳියාවක් නොපැවතීම, කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අනම්‍ය ස්වභාවය සහ ජාත්‍යන්තර බලවතුන් ප්‍රමාණවත් බලපෑමක් ඇති නොකිරීමයි.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ලියාපදිංචි වී, යටත්ව යුද්ධය ‘සංවිධිත අවසානයකට’ ගෙන ඒමට ගන්නා ලද උත්සාහයක් ප්‍රභාකරන්ගේ විරෝධය නිසා වැළකී ගිය බව එරික් සොල්හයිම් ප්‍රකාශ කළේය.

යටත් වෙන්නන් භාරගැනීම සඳහා නැවක්ද සැලසුම් කර තිබූ බව කී ඔහු, කෙසේවෙතත් ප්‍රභාකරන් ගේ සහ එල්ටීටීඊ ඔත්තු සේවා ප්‍රධානී පොට්ටු අම්මාන් ගේ භාරවීම පිළිගැනීමට යෝජනාව ගෙන ආ ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, නෝර්වේ, ඉන්දියාව සහ ජපානය සුදානම්ව නොසිටි බව හෙළි කළේය.

එරික් සෝල්හයිම්ගේ මතය වුයේ ජාත්‍යන්තර බලවතුන්ගේ අනුග්‍රහයෙන් ගෙන එම යටත්වීමේ යෝජනාවට එල්ටීටීඊ නායකත්වයේ අනුමැතිය පළවුයේ නම්, එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් රජයට නොතිබුණු බවයි.

කෙසේ වෙතත්, රජයට එම යෝජනාව කල්තියා දැනුම් දුන් බවක් ඔහු ප්‍රකාශ නොකළේය.

සාම ක්‍රියාදාමය පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වූ බවට චෝදනා කළ එලි දක්වන ලද පොතේ කර්තෘ මාක් සෝල්ටර් , ඊට ප්‍රධාන හේතුව වශයෙන් දක්වා සිටියේ ‘ජනමාධ්‍යවේදීන්ගේ ඉංග්‍රීසි නොදැනීම හා පරිවර්තන දුර්වලතා’ යි.

බ්‍රිතාන්‍යයේ වැඩ බලන ශ්‍රී ලංකා මහා කොමසාරිස් චානක තල්පෙහේවා කථිකයකු ලෙස නම් කර තිබුනත් ඔහු සභාව ඇමතීමට පැමිණ නැත.

 

Related posts

සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘතයි.. 185ක් අද මත්තලට

colombotoday

ජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි නියෝග කරමින් ගැසට් නිවේදනයක්

Admin

පාසලක බිත්ති දෙකකට සිරවූ දැරියක් බේරා ගනී

Admin

සෝභිත හිමියන්ගේ දේපළ අයිති කරගැනීමට පිරිසක් කුමන්ත්‍රණය කරනවා – නාග විහාරයේ ගැටළුව ගැන සිරි සුජාත හිමියන් කරුණු පහදයි

colombotoday

පරගැති විදේශ ඇමති මංගල.. කොන්දක් තිබේනම් රට වෙනුවෙන් පිළිතුරු දෙනු.. බොදු බලෙන් අභියෝගයක්

colombotoday

ඒකාබද්ධ විපක්‍ෂයේ ශ්‍රීලනිප 4ක්‌ ජනවාරියේ ආණ්ඩුවට !

colombotoday