Colombo Today Local News

“රනිල් එපා.. බහුතරය ඇත්නම් වෙන කෙනෙකුගේ නමක් එවන්න“ – ජනපති එජාපයට දන්වයි

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කෙනෙකුගේ නමක් යෝජනා කරන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් වෙත දන්වා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකු පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තවදුරටත් තමන්ට වැඩ කළ නොහැකි හෙයින් ඒ සම්බන්ධයෙන් සිතා බලා අගමැති ධූරය සඳහා වෙනත් කෙනෙකු නම්කර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට විකල්පයක් සිටිනම් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයෙන් ඉවත් කර එම තැනැත්තා අගමැති ලෙස පත්කිරීමට හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජාපයට සහතිකයක් දී ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ අදාළ නිලධාරියා අවධාරණය කළේ.

තවදුරටත් මෙම ප්‍රශ්නය දුරදිග ගෙන නොගොස් විසඳා ගැනීම සඳහා සහය වන ලෙසයි ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන්ට වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ.

මෙහිදී අගමැති ධූරය සඳහා සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇතත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබෙන්නේ මෙවැනි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දිය හැක්කේ අත්දැකීම් බහුල පරිණත නායකයෙක් වන පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බවය.

ලංකා නිවිස් වෙබ්

Related posts

නොදන්න දේ දන්නවා කියා පෙන්නන්නට හැදීමෙන් දන්න දේත් නොදන්නවා කියා හෙළි වුණා.. පා.ච. රණවක සමග මං එකගයි

colombotoday

රන්ජන්ගේ රාජ්‍ය පට්ටම ගැලවෙයි.. බුද්ධික මෙදා පාරත් කැපෙයි !

colombotoday

ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරනු ! අලුත් ව්‍යවස්ථාවට උතුරෙන් යෝජනාවක්

colombotoday

දුරකථන ගාස්තු අද සිට යළිත් ඉහළට

colombotoday

රාජපක්ෂ යුගයේ බැදුම්කර ගනුදෙනු නිසා රජයට බිලියන දහදාහක් ගෙවන්න වෙලා – අගමැති

colombotoday

නිවසක බිත්තියක් කඩා වැටී දරුවකු මරුට

colombotoday