Colombo Today Local News

නිවසක බිත්තියක් කඩා වැටී දරුවකු මරුට

මාවතගම පොලිස් වසමේ පිටකන්ද ජනපදය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (28)දින දහවල් 12ට පමණ එම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

පැරණි නිවසක බිත්ති කඩා ඉවත් කරමින් සිටි ස්ථානයක සිටි 8 හැවිරිදි දරුවෙකු මතට බිත්තිය කඩා වැටී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු දරුවා මාවතගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

එසේ මියගොස් ඇත්තේ පිටකන්ද ජනපදය, වෑඋඩ ලිපිනයේ පදිංචි දරුවෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (29)දින සිදුකිරීමට නියමිතය.

මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 57ක් හදුනා ගනී.. මාරවිල කතකටත් කොරෝනා

colombotoday

නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථාන ගැන සියලු තොරතුරු ජනපති මහින්දටත් සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාලටත් දුන්නා

colombotoday

කුලියට ගත් වාහන ව්‍යාජ ලේඛන සකසා විකුණලා

Admin

හදිසි නීතීය / ඇඳිරි නීතිය පැනවීමට රජය හේතු කියයි

colombotoday

මිත්‍යාවක් වූ මකරුන් සැබවින්ම සිටියා ද?

Admin

මෙවර ලෝක සංචාරක රූ රැජින කිරුළ ලංකාවට

colombotoday