Colombo Today Local NewsTop Stories

රණවිරු සුනිල් රත්නායක නිදහස් කිරීමට එරෙහිව පාක්‍යසෝති සරවනමුත්තු ශ්‍රේෂ්ඨාධිකරණයට

ජනාධිපතිවරයා විසින් රණවිරු සුනිල් රත්නායකට ලබා දුන් ජනාධිපති සමාව බල රහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙසට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉදිරිපත් කර තිබෙනවා.

රණවිරු සුනිල් රත්නායක නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීතියට හා ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම තීරණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

සිරකරු හට පොදු සමාව ලබා දීමට අදාළව ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය සහ එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පාදක වු ලේඛන පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසට ද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා තිබේ.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීන්දුවට එරෙහිව ද පාක්‍යසෝති සරවනමුත්තු මෙලෙසම මුලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රභල රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකරුවෙකු වන පාක්‍යසෝති සරවනමුත්තු යුධ සමයේදී කොටි හිතවාදියෙකු ලෙස්ස කටයුතු කල පුද්ගලයෙකි.

Related posts

එක්නැලිගොඩ නඩුවට චම්පිකගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සැරසේ

colombotoday

සෙවණගල සීනි කම්හල යළිත් පෞද්ගලිකකරණය කිරීමට රජයේ සැලසුමක්

colombotoday

කුඩු තොගයට බදුර්දීන්ගේ නම පැටළේ.. මල්ලිත් එක්ක සෙට් වෙලා රටට කුඩු අදින හැටි මෙන්න !

colombotoday

එක්සත් ජාතික පක්ෂයට දරුණු පරාජයක් – එක් ආසනයක්වත් නොලැබෙන හැඩ

colombotoday

යාපන සරසවි ගුරු, සිසුන් මියගිය කොටින් සමරයි.. යාපනේ කිළිනොච්චියේ අද හෙට මහ සැමරුම් !

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සමඟ සැකකරුවෙකු අල්ලයි

Admin