Colombo Today Local News

රටේ අපරාධ අඩුවෙලා… අගමැතිගෙන් පොලිස්පතිට පැසසුම්…

මාධ්‍යයෙන් වාර්තා නොකළද මේ රටේ අපරාධ ප්‍රමාණය අඩුවී ඇති බවත් අපරාධ විසදීමේ ප්‍රමාණය වැඩිවී ඇති බවත් නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට පොලිස්පති තුමා ඇතුළු සමස්ත පොලිස් සේවාව දරණ වෑයමට තම ප්‍රශංසාව හිමිවන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

රුපියල් මිලියන 60ක් වියදම් කොට වනාතවිල්ලුව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රමාත්‍යවරයා එසේ කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍යවරයා,

“මිලියන හැටක් වියදම් කරලා අවුරුදු එක හමාරකින් මේ ගොඩනැගිල්ල අපි ඉදිකරලා තියෙනවා එහෙනම් මේ සදහා උවමනා පහසුකම් සියල්ලම ලබලා දීලා තියෙනවා නීතිය සාමය පිරිහෙනවනම් යටිතල පහසුකම් ගැන අවධානය යොමු වෙන්නෙ නැහැ නීතිය සාමය ක්‍රියාත්මක කරන්නනම් ඒ යටිතල පහසුකම ශක්තිමත් කරන්න ඒ වගේම පුහුණු කරන්න තිබෙනවා අද පොලීසිය ගැන විශාල දියුණුවක් ඇති වෙලා තියෙනවා. ඒ දියුණුව නිසා මේ රටේ අපරාධ පාලනය කරන්න පුළුවන් වෙලා තියෙනවා”.

Related posts

ශ්‍රී ලංකාවේ ඉල්ලීම නිසා මානව හිමිකම් කොමසාරිස් ට්‍රම්ප් ළග අසරණ වෙයි !

colombotoday

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගනී

colombotoday

අගමැති ඉවත්කළ හැකිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

colombotoday

HIV ආසාදිත කතුන් සිටි ගණිකා නිවස නැවතත් වැඩ පටන් අරන්

colombotoday

කළුතර සිසුවියගේ මරණයට ලැගුම්හල හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට

Admin

පාර්ලිමේන්තු සභා ගැබේ එල්ලා ඇති මහ පහන කඩා වැටේ !

colombotoday