Colombo Today Local News

රට වෙනුවෙන් ශරීරාංග පූජාකළ රණවිරුවන්ට විශ්‍රාම වැටුපෙන් සහන

army-1එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් වැද සිය ශරීරාංග පුදකර ආබාධිත තත්ත්වයට පත්වී සිටින ආරක්‍ෂක හමුදා රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප ඔවුන් සේවයේ නිරතව සිටියදී ලබාගත් වැටුප දක්‌වා වැඩි කිරීමට රජය කටයුතු කරගෙන යන බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා පවසයි.

ඊට අදාළ මූලික කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක්‌ පත්කර ඇති බවත්, මෙම වැඩ පිළිවෙළ ඉතා ඉක්‌මනින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම පැවැසීය.

මෙය සෘජුවම විශ්‍රාම වැටුප වැඩි කිරීමක්‌ ලෙස නොව එක්‌ එක්‌ රණවිරුවා විශ්‍රාම ගන්නාවිට ලබමින් සිටි වැටුපට සරිලන ලෙස දුබලතා දීමනාවක්‌ ලෙස ලබාදීමට නියමිතව ඇත.

ඒ අනුව අදාළ විශ්‍රාම වැටුපට ඉතිරි මුදල දීමනාවක්‌ ලෙස එක්‌කර විශ්‍රාමික රණවිරුවාට තමා සේවයේ නිරතව සිටියදී ලබාගත් වැටුපට සමාන විශ්‍රාම වැටුපක්‌ ගෙවීමට රජය කටයුතු කරනු ඇත.

මේ පිළිබඳව පත්කළ කමිටුවේ නිර්දේශ ලැබුණ වහාම මෙම නව විශ්‍රාම වැටුප් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ආරක්‍ෂක ලේකම්වරයා පැවැසීය.

-දිවයින

Related posts

‘දූෂණයට වංචාවට නම් මේ දෙගොල්ලම එකයි‘ – මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ

colombotoday

විදුලිබල ලේකම් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

ඇමරිකාව ට්‍රම්ප්ට.. මහින්දගෙන් සුබ පැතුම්

colombotoday

ජුලි 1 වනදා සිට බස් ගාස්තු ඉහලට – වාහන තදබදයටත් බද්දක් මගියාට

colombotoday

ලබන වසරේ පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවන බවට කරන ප්‍රකාශ අසත්‍යයි – ඇමති කංචන

Admin

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

Admin