Colombo Today Local News

රට අරාජිකයි, හාමුදුරුවරු මේ රටේ බලය ඇල්ලිය යුතුයි – ඥානසාර හිමි

මාතෘභූමිය ඉතා අරාජික තත්වයකට පත්ව ඇති බවත් එයින් රට බේරාගනිමටනම් ස්වාමින් වහන්සේලා රටේ බලය ලබාගතයුතු බවත් බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා. උන් වහන්සේ මේ බව පැවසුවේ, ඊයේ (23) ශ්‍රී TV සජීවී වැඩසටහනකට සහබාගි වෙමින් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්ය.

මේ රට අරාජික වූ සෑම අවස්ථාවකදීම එයින් මුදවාලීමට කටයුතු කලේ මහා සංඝරත්නය බව පෙන්වාදුන් ඥානසාර හිමි රටට හිතැති රජුන් තැනීම සදහා භික්ෂුන් වහන්සේලාට ඉතිහාසයෙන් ලැබී ඇති වගකීමෙන් මිදීමට නොහැකි බවත් අවධාරණය කර සිටියා.

කුමාරවරුන් මහන කරවා අවශ්‍ය හික්මීම සහ ශිල්ප ලබාදී සිවුරු හරවා රට බාරදුන් අවස්ථා ඉතිහාසයේ පවතිනබව පෙන්වා දුන් උන්වහන්සේ මෑත ඉතිහාසයේ අරාජිකතම අවස්ථාවට මුහුණ දී ඇති බවත් මෙයින් රට මුදවාගැනීම සදහා සමගි සම්පන්නව භික්ෂුන් වහන්සේලා පෙරමුණ ගතයුතුව ඇති බවත් පෙන්වා දෙනු ලැබුවා.

Related posts

20ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ -නීතිපති දැනුම් දෙයි

colombotoday

උප පොලිස් පරීක්ෂකවරයෙක් ගිනිඅවියෙන් වෙඩිතබා ගනී

Admin

තියුණු ආයුධයකින් පහර දී අයෙක් මරා දාලා

Admin

20යි 20 ලෝක කුසලානයයේ වසර 10 ක සංවත්සරය

Admin

නිවෙස් දෙකක් පස් කන්දකට යට වෙයි….

Admin

මුදල් ලේකම්ට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කරන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

Admin