Colombo Today Local News

මේ ආණ්ඩුව ආර්ථිකය විනාශ කලා අපි රජය භාර දෙනකොට කිසිම මූල්‍ය අර්බුදයක් තිබුනේ නෑ..

නව රජය පත් වූ විගස සිදුකළ එකම කාර්්‍යය හිතවත් ව්‍යපාරිකයන්ට බදුසහන ලබාදීම පමණක් යැයි සමගි ජන බලවේග මහනුවර දිස්ති‍්‍රක් නායක හිටපු පා.ම. අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මහනුවර ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රජය එසේ කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලගණන් අධික ලෙස ඉහළ දමා ජනතාව පීඩාවට පත්කොට ඇති බවයි.

රජය භාරදෙන විට කිසිදු මූල්‍ය අර්බුදයක් නොතිබුණ බවත් මොවුන් බලයට පැමිණි විගස හිතවත් ව්‍යාපාරිකයන්ට ලබාදුන් බදු සහන හරහා රජයට ලැබියයුතු ආදායම් අහිමි වී ගිය බවද හිටපු මන්ති‍්‍රවරයා මෙහිදි ප‍්‍රකාශ කළේය.

මෙවැනි අනුණදර්ශි කි‍්‍රයාකරමින් නිලධාරින්ට බැනවැදීම විහිලූ සහගත කි‍්‍රයාවක් බවද කිරිඇල්ල මහතා පැවසීය.

සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ සිදුකරන පළමු කාර්යය වන්නේ ජනතාවගේ ජීවන බර අඩුකොට සහන සැලසීම බවත් 2015 යහපාලන රජයේ සිදුකළා සේම අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිල පාලනයක් යටතේ ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

Related posts

ඊළම ඉල්ලීම යුක්ති සහගතයි – චන්ද්‍රිකා පාසල් ළමුන්ට කියයි (Video)

colombotoday

හජ් වන්දනාවේ යන බැතිමතුන්ට මොලේ උණ එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරේ !

colombotoday

ගාර්ඩියන් ශ්‍රි ලංකාව හැදින්වු ඊලාම් නාමය ඉවත්කර ගනී

colombotoday

සරණාගතයන් කියාගෙන ආ තවත් පාකිස්ථානුවන් 13ක් කටුනායකින් මෙරටට ඇතුල් වේ !!

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ගැන දැනුම්දීමක්

Admin

කුරුඳු ඉඩමකින් ටි 56 උණ්ඩගෙදර ගෙනා සිසුවා පොලිස් අත්අඩංගුවට

Admin