Colombo Today Local News

ගාර්ඩියන් ශ්‍රි ලංකාව හැදින්වු ඊලාම් නාමය ඉවත්කර ගනී

බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ගාර්ඩියන් වෙබ් අඩවිය විසින් ශ්‍රී ලංකාවේ ස්වදේශ නාමය “ඊළාම්” යනුවෙන් සඳහන් කිරිමේ සිදුවීමක් වාර්තා වුවා.

“do you know your islands, Man Friday?” යනුවෙන් මෙම සංචාරක ප්‍රශ්නාවලිය ගාර්ඩියන් වෙබ් අඩවියේ පළ කොට තිබුණා.

“ඊලාම්” යනු කිනම් ජනප්‍රියතම සංචාරක දිවයිනට කියන ස්වදේශක නාමයද යනුවෙන් මෙම ප්‍රශ්නාවලියේ දෙවන ප්‍රශ්නය ලෙස ඔවුන් අසා තිබුණා. එම ප්‍රශ්නයට තෝරා ගත හැකි විකල්ප පිළිතුරු ලෙස ඔවුන් සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකාව, බාලී, මොරිෂස් සහ Isle of Man යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ස්වදේශීය නාමය “ඊලාම්” යනුවෙන් හැඳින්වීම සම්බන්ධයෙන් මෙරට සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් දැඩි ලෙස හෙළා දකිමින් සටහන් පළ කර තිබුණා. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ද “ගාර්ඩියන්” වෙබ් අඩවියේ කතෘවරයාගෙන් එම ප්‍රශ්නය ඉවත් කරන ලෙස ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කලේ.

කෙසේ වුවත් එල්ලවූ දැඩි විවේචන සමග ගාර්ඩියන් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළ කොට තිබු එම ප්‍රශ්නය ඉවත් කිරිමට පියවර ගෙන ඇත .

https://www.theguardian.com/travel/2020/may/15/travel-quiz-islands-of-the-world

Related posts

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

Admin

ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියට පරිභාහිරයි – ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

පොඩි ලැසීට නීතීඥවරුන් පෞද්ගලිකව හමුවීමට ඉඩ සලසා දෙන්නැයි නියෝග

colombotoday

වීසා ඔන් ඇරයිවල් පහසුකම අත්හිටුවෙයි

colombotoday

බලපත්‍ර කොන්දේසි කැඩූ බස් රථ 58ක් අත්අඩංගුවට

Admin

අලුත් අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්… එජාපයෙන් කථානායකට භාරදෙයි…

colombotoday