Colombo Today Local News

මෙමරි කාඩ්පත නැවත ලබා දෙන්නට අල්ලස් ගත් නාකොටික් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ දී රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු අද (12) දින අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාවනැල්ල, වල්පොලදෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

එම පැමිණිලිකරුට එරෙහිව හෙරොයින් වෙළෙඳාම හා භාවිතය සම්බන්ධයෙන් චෝදනා තිබී ඇති ඔහුගේ මෙමරි කාඩ්පතක් චූදිත පොලිස් නිලධාරියා විසින් සිය භාරයට ගෙන තිබේ.

ඒ අනුව එම චෝදනාවට පැමිණිලිකරුව අත්අඩංගුවට නොගෙන සිටීමටත් ඔහුගේ මෙමරි කාඩ්පත නැවත ලබා දීමටත් යයි පවසමින් චූදිත පොලිස් කොස්තාපල්වරයා විසින් අල්ලස් වශයෙන් මීට පෙරද මුදල් ලබාගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related posts

ශ්‍රී ලංකාව තවත් කොළණියක් කර නොගන්නැයි චීනය ඉන්දියාවට දන්වයි !!

colombotoday

ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

colombotoday

නිව්යෝක් ටයිම්ස් පුවත බේගලයක්.. චීනය මහින්ද වෙනුවෙන් පෙනී සිටී

colombotoday

වෙඩිතැබීමක් කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීට ඇප

Admin

අගමැතිගෙන් විමල්ට පොරොන්දුවක්

colombotoday

“ඉන්දන නොමැති බවට පළවෙන ප්‍රචාර අසත්‍යක්”

colombotoday