Covid 19

මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව PCR පරීක්ෂණ ලක්ෂ 2ක ඉක්මවයි

මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව මේ වන විට සිදුකර ඇති පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබේ.

කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, මේ වන විට පුද්ගලයින් 207,819 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කරඇති බවය.

එම පරීක්ෂණවලින් 206,422 ක ප්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇති අතර එහිදි ආසාදිතයින් 7,582 කු හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයින් අතර මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින් සහ ආශ්‍රිතයින් 2,662ක් වන අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැලේ සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 4,402ක් වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය
පැවසුවේය.

Related posts

පදවියේ පාසල් දරුවන් හතරකට කොරෝනා | 90ක් නිරෝධායනයට

colombotoday

ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368ක් !

colombotoday

කොවිඩ් ආසාදිතයින් ගණන 1278 දක්වා ඉහලට

colombotoday

නල දරු ක්‍රමයෙන් මවක් වෙන්න පෙරුම් පිරූ කාන්තාවක් කොරෝනා හේතුවෙන් දරුවා ද සමග අවසන් ගමන් යයි.

colombotoday

මෙරටින් නව කොවිඩ් ප්‍රබේදයක් ?

colombotoday

පිළියන්දල එස්ඕඑස් ගම්මානයේ දරුවන් 50ක් ඇතුළු 91ට කොවිඩ්

colombotoday