Colombo Today Local News

මැකොට එරෙහිව උපවාසයක යෙදුණු ටී.එන්.ඒ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට එරෙහිව යාපනය මැතිවරණ  කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරත වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රිවරයෙකු ඊයේ (14) සවස යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ටී.තම්බිරාසා නැමති ඔහු පවසා ඇත්තේ යාපනය මැතිවරණ කාර්යාලයේ ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද හිමි නාමලේඛනයේ ඡන්දදායකයින්ගේ නම් සිංහලෙන් පමණක් තිබිම නිසා යාපනයේ සිටින දෙමළ ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන් බවයි.

පසුව යාපනය පොලීසිය එම ස්ථානයට පැමිණ ඔහුට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇත්තේ එම ස්ථානයේ උපවාස කිරීම නීතිවිරෝධී බවට දැනුම් දෙමිනි. නමුත් ඔහු එම ස්ථානයෙන් ඉවත් නොවි  පොලිස් නිලධාරීන් සමග බහින් බස් වීමෙන් පසුව ඔහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

Related posts

මවයි පියයි මාස 6 බිලිඳිය වැසිකිලි වළට දාලා

colombotoday

මීටර් 23ක් උඩ විසිවී පරලොව ගිය වයෝවෘද්ධ කත

colombotoday

තවත් ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදකලා කෙරේ

colombotoday

හිජාස් හිස්බුලා වෙනුවෙන් දඟලන පුලන්නන්ට කන හරහාම දෙයි. දේශප්‍රේමී නීතිඥවරුන් 216 ක් නීතිඥ සංගමයේ සභාපතිට ලියයි.

colombotoday

මැති ඇමැති පිරිසක් රට පනී ?

colombotoday

ලොතරැයි පත් අලෙවිය සියයට 40කින් පහළට

colombotoday