Colombo Today Local News

මාවනැල්ලේ බුදු පිළිම කඩාදැමූ මුස්ලිම් පුද්ගලයෙක් අතටම අසුවූ පසු ඇමති කබීර් කියන කතාව…

මාවනැල්ල ප්‍රදේශයේ පසුගිය දිනවල සිදුවූ බුද්ධ ප්‍රථිමා විනාශ කිරීම පිළිබදව අමාත්‍ය කබීර් හෂීම් මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සිය කණගාටුව පලකර තිබෙනවා.

ඊට සම්බන්ධ පුද්ගලයන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි තමන් පොලිසියට උපදෙස් දුන් බවද ඇමතිවරයා සදහන් කර තිබෙනවා.

ඊයේ 26 දින අළුයමද මාවනැල්ල, දියලුවත්ත ප්‍රදේශයේදීද තවත් බුද්ධ ප්‍රථිමාවක් කඩා දමමින් සිටි මුස්ලිම් ජාතිකයෙක් අතටම අල්ලාගැනීමෙන් පසුව ඇමතිවරයා මෙම ප්‍රකාශ නිකුත්කර තිබීමද විශේෂත්වයකි.

ඉකුත් දිනවලදී ඇතිවූ මෙම බුද්ධ ප්‍රථිමා විනාශ කිරීමේ සිද්ධිය හරහා දේශපාලන වාසි ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් කටයුතු කළ අතර, මාවනැල්ල එජාප ආසන බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ, කබීර් හෂීම් ඇමතිවරයාගේ ගිණුමට බැර කර ජාතිවාදය ඇවිස්සීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් විසින් මෙසේ බුදු පිළිම විනාශ කළ බවයි.

Related posts

පස්දෙනෙකු ඝාතනයකට හය දෙනෙකුට මරණ දඬුවම

colombotoday

කුණු කන්දට යටවූ ජීවිතවල වටිනාකම රුපියල් ලක්ෂයද.. ආණ්ඩුවට තවත් විරෝධයක්

colombotoday

ලසන්ත ඝාතනය, කීත් නොයාර් පැහැර ගැනීම ; ජාතික බුද්ධි ප්‍රධානිගෙන් ප්‍රශ්න කරයි

colombotoday

“ආර්ථික විශේෂඥයන් මොනව කීවත් ජනතාව මත බදු බර පටවන්න දෙන්නෑ” – ජනපති

colombotoday

තද සුළගින් මන්නාරම හා වව්නියාවේ නිවාස රැසකට හානි

colombotoday

මහා පරිමාණයෙන් සහල් මංකොල්ල කෑ කතක් පානදුරේදී කොටු

colombotoday