Colombo Today Sports News

මාලිංගට IPL තරග රැසක් අහිමි වීමට යයි

වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට මෙවර අයි පී එල් තරගාවලියේ තරග රැසක් අහිමිවනු ඇති බව වාර්තාවෙයි.

පෞද්ගලික කරුණක් හේතුවෙන් ලසිත් මාලිංග, අයි පි එල් තරගාවලියේ මූලික වටයේ තරග රැසකට එක් නොවන බවයි වාර්තා වන්නේ. මාලිංගගේ පියා අසනීප තත්ත්වයකින් පසුවීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව ක‍්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

කෙසේවෙතත්, තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා ලසිත් මාලිංග ක‍්‍රිඩා කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ. මෙවර අයි පී එල් තරගාවලිය සැප්තැම්බර් 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

Related posts

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය සැප්තැම්බර් 16

Admin

බංගලාදේශය 82ට දැවී යයි. ශ්‍රී ලංකාවට කඩුළු 10ක ජයක්…!!!

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවයි

colombotoday

ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

colombotoday

අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරයට

colombotoday

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරගය අද

Admin