Colombo Today Local News

මාතලෙන් ඇල්ලූ අධිවිෂ රසායන ලීටර් 1600 ගෙනැවිත් ඇත්තේ තේ කොළ වලට කලවම් කිරීමටයි…

ලැබුණු තොරතුරක් මත යුද හමුදාව විසින් ඊයේ (19) මාතලේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයක කරන ලද සෝදිසියකදී රසායනික ද්‍රව්‍ය ලීටර් 1600කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

අධික විෂ සාන්ද්‍රණය සහිත මෙම රසායනික ද්‍රව්‍ය තොගය සූදානම් තිබුණේ තේ කොළ සදහා එක් කිරීමට බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අධි අන්තරායකාරී‘ ලෙස සදහන් කර තිබූ මෙම රසායනික ද්‍රව්‍ය තේ කොළවල වර්ණය සහ බර ව්‍යාජ ලෙස වැඩිකර ගැනීමට යොදා ගැනෙන බවයි සදහන් වන්නේ.

සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන අංක තහඩු පහක් සහ එකම අංකය සඳහන් ව්‍යාජ හැඳුනුම්පත් තුනක් ද එහි තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

ලංකාවේ ඉදිවූ “ලොව ප්‍රථම ගව අනාථාගාරයට” ඔබේ උදව් අවශ්‍යයි

colombotoday

හිටපු ජනපති මෛත්‍රී කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

පසුගිය මහ මැතිවරණයේදී නීතිඥ ලක්ෂ්මන් වසන්තට සහය නොදැක් වූ මාතලේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday

ජනපති වි‌ශේෂ සාකච්ඡාවකට හිටපු ඇමතිවරු කැඳවයි

colombotoday

වයඔටත් සීයට යන්න අවසර

colombotoday

මාත් “සරණ“ පූසා වගේ.. හදන්නම බෑ

colombotoday