Colombo Today Local News

මරණීය දඬුවම හිමි වූ රණවිරු සුනිල් රත්නායකට ජනපති සමාව !

මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී අට දෙනෙකු නැසූ බවට චෝදනා කරමින් මර ණීය දණ්ඩනය නියම කළ යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මිරුසුවිල් හමුදා කඳවුර ආසන්න ප්‍රදේශයේ කළ ක්‍රියාන්විතයකදි මෙලෙසට අපරාධ සිදු කළ බව චෝදනා කරමින් මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ඇතුළු සෙබළුන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණේ එවකට පැවැති රජයේ නියෝග මතය.

එම සෙබළුන් චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයෙන් රිමාන්ඩ් භාරයට පත්කර ඇප මත නිදහස් කළ අතර කොළඹ මහාධිකරණයේ නඩු විභාගයකින් පසුව පළමු විත්තිකරු වූ සුනිල් රත්නායකට මර ණීය දණ්ඩනය නියම විය.

වසර දහතුනක නඩු තීන්දුවකින් පසුව සුනිල් රත්නායකට දණ්ඩනය නියම වූ අතර සෙසු පිරිස නිදොස් කොට නිදහස් කරන ලදී.

මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක රිවිරැස ඇතුළු හමුදා මෙහෙයුම්වලදී රණශූර පදක්කම පවා හිමිකර ගනිමින් සටන් කළ දක්ෂ විශේෂ බළකා භටයකු වීම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවදානයට ලක්ව තිබේ.

එම සටන්වලදී එල්ල වූ මෝටාර් කැබැල්ලක් ඔහු​ගේ හිස තුළ අදටත් පවතී.

Related posts

චීන යුවාන් කදබැඳන් අගමැති කටුනායකින් බහී

colombotoday

මන්ත්‍රී අතුකෝරාල ඝාතනයේ CCTV දර්ශන එළියට!

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්න මුහුදේ පවතින ද්‍රව්‍යයන් 54 ක් හඳුනා ගනී

colombotoday

ශී‍්‍ර ලංකාවට ලබාදෙන ජී. එස්. පී. ප්ලස් කපන්න යුරෝපා සංගමය තීරණය කරලා – සුමන්තිරන් කියයි

colombotoday

ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සපයන වෙබ් අඩවි සොයා පොලිස් මෙහෙයුම්

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන කියන්න දුරකථන අංක කිහිපයක්

Admin