Colombo Today Local News

තුර්කි ෆෙටෝ ත්‍රස්තයන්ගේ ලංකාවේ ව්‍යාපාර ජාලයට දේශපාලන රැකවරණ දීලා – පාස්කු ප්‍රහාර කොමිසමේදී කබීර්ගේ, රිෂාඩ්ගේ රෙදි ගැලවෙයි !

පාස්කු ප්‍රහාරයට සෘජුවම සබඳතා දැක්වූ තුර්කියේ ෆෙටෝ ( FETO ) ත්‍රස්ත සංවිධානය ආරක්ෂා කළ රිෂාඩ් බදුර්දීන් සහ කබීර් හෂීම්ගේ රෙදි ගැළවේ..!!

අහිංසක සිවිල් වැසියන් තුන්සියයකට අධික පිරිසක් ඝාතනය වූ සහරාන්ගේ පාස්කු ප්‍රහාරයට වක්‍රාකාරයෙන් උදව් කළ බව හෙළිවී ඇති තුර්කියේ ෆෙටෝ ( FETO ) නොහොත් ෆටිතුල්ලා ත්‍රස්ත සංවිධානයට යහපාලන රජයේ අමාත්‍යවරු දෙදෙනෙකු මූල්‍යමය අධාර දුන් බව අද පාස්කු ප්‍රහාරය සම්භන්ධයෙන් වන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා. ඒ අතර ප්‍රධාන වශයෙන් යහපාලන රජයේ හිටපු කැබිනට් අමාත්‍යවරුන් වූ කබීර් හෂීම් සහ, රිෂාඩ් බදුර්දීන් යන අය වන බවයි හෙළිදරව් වුණේ..

ඊයේ ( 05 ) රැස්වූ පාස්කු ප්‍රහාරය සම්භන්ධයෙන් වන විශේෂ ජනාධිපති කොමිසමේදී සාක්ෂි ලබා දුන් හිටපු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කලේ එවකට තුර්කියේ ක්‍රියාත්මක වූ ෆෙටෝ ත්‍රස්ත සංවිධානයට අප රට තුල ජාවාරම් කිරීම සඳහා අමාත්‍ය කබීර් හෂීම් සහ රිෂාඩ් බදුර්දීන් සෘජුවම මූල්‍යමය ආධාර උපකාර කළ බවට වූ සාක්ෂි සහිත බුද්ධි තොරතුරු ඇතුලත් ළිපිගොණුද කිහිපයක්, එවකට තුර්කි රජය විසින් ඔවුන්ගේ තානාපතිවරයා හරහා තමන් වෙත ලබා දුන් බවයි.

තුර්කි රජය ලබාදුන් ෆයිල් සියල්ල අතුරුදහන් කළ කබීර් සහ බදුර්දීන්


අන්තවාදී තුර්කි ත්‍රස්ත සංවිධානයක් වන ෆෙටෝ සංවිධානයේ මුදල් යොදවමින් අප රට තුල පවත්වාගෙන ගිය මුස්ලිම් ජාත්‍යන්තර පාසල් ඇතුලු අධ්‍යාපන ආයතන පිළිඹඳව තොරතුරු රැසක් එමඟින් අනාවරණය වූ බවත්, එමඟින් ළමා මනස විකෘති කර ඔවුන්ව ත්‍රස්තවාදීන් කිරීමේ සැළසුමක්ද දියත් කර තිබූ බවත් මෙහිදී කමිටුව හමුවේ සාක්ෂි ලබාදුන් සේනානායක මහතා සඳහන් කළා.

මේ සම්භන්ධයෙන් සියලු තොරතුරු තමා විසින් අධ්‍යනය කිරීමෙන් පසුව එම අදාල ලිපිගොණු වහාම හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස හුන් රුවන් විජයවර්ධන මහතා වෙත යොමු කළ බවත්, ඉන් පසුව එම ලිපිගොණු වලට සිදු වූ දේ සම්භන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවත් මෙහිදී සේනානායක මහතා කමිටුව හමුවේ ප්‍රකාශ කළා.

ලිපිගොණු සියල්ල අතුරුදහන් කළ අමාත්‍යවරුන් දෙදෙනා සම්භන්ධයෙන් තුර්කි විශේශ කටයුතු අමාත්‍යවරයා සිය පිළිකුළ පළ කරලා..

මෙහිදී කමිටුව හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ සේනානායක මහතා සඳහන් කළේ තුර්කි තානාපතිවරයා හරහා ලබාදුන් මෙම බුද්ධි තොරතුරු සම්භන්ධයෙන් එවකට ජාත්‍යන්තර සමුළුවකදී තමන්ට මුණගැසුණු තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා සිය බළවත් අප්‍රසාදය පළ කළ බවත්, ඔහු මේ සම්භන්ධයෙන් ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය හරහා කරුණු විමසීමට ගත් උත්සාහ‍යේදී ඉහත අමාත්‍යවරුන් දෙදෙනා විසින් සෘජුවම මැදිහත් වී එය වැළක්විමට කටයුතු යෙදූ බව බව තමන් සමඟින් ප්‍රකාශ කළ බවත් ය.

• ෆෙටෝ ත්‍රස්ත සංවිධානයට මූල්‍යමය සවිය ලබාදෙන බොහෝ ව්‍යාපාරවල කොටස්කරුවන් වූ ඇමතිවරු දෙදෙනා..

අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා හා මධ්‍යම ආසියානු කලාපය බාර අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රියානි ධම්මිකා කුමාරි සේමසිංහ මහත්මිය සඳහන් කළේ එවකට කැබිනට් අමාත්‍යවරුන් වූ කබීර් හෂීම් සහ රිෂාඩ් බදුර්දීන් යන අය විසින් ෆෙටෝ ත්‍රස්ත සංවිධානයට ආධාර අනුබල ලබාදෙන ශ්‍රී ලංකාවේ ව්‍යාපාර බොහෝමයකට මොවුන් දෙදෙනා විසින් මූල්‍යමය දායකත්වයන් සහ දේශපාලනමය වශයෙන් උදව් බොහෝමයක් කර ඇති බවයි.

මෙහිදී කොමිසම නැඟූ ප්‍රශ්ණ වලට පිළිතුරු දුන් සේමසිංහ මහත්මිය සඳහන් කළේ හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදුර්දීන් සහ කබීර් හෂීම් යන අය විසින් ඊට අදාළව සිදුකරන ලද පරීක්ෂණ යට ගැසීම සඳහා යම් යම් අවස්ථාවන් වලදී වක්‍රාකාරයෙන් සහ සෘජුවම තම තමන්ගේ බලය උපයෝගී කරගත් බවයි.

Related posts

ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණෙන්නැයි සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ජනපතිගෙන් යළි ඇරයුම්..

colombotoday

“රාජපක්‍ෂ දළදා මාළිගාව බෝම්බ ගහනවා කීවා.. මල්වතු පාර්ශවය දෙකඩ කරන්න හැදුවා“ – අගමැති

colombotoday

ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටිද්දී මර්දනකාරී ක්‍රියා අනාගතයට බලපායි

colombotoday

“විහිළුවක් වෙන්න බෑ.. මම ගේමට රෙඩී“ – ෆොන්සේකා අලුත් තනතුර සිරාවටම ඉල්ලලා !

colombotoday

යෝෂිත රාජපක්ෂ නාවුක හමුදාවෙන් ඉල්ලා අස්වේ.

colombotoday

ශ්‍රී ලංකාව තුළ ආනයන සීමා පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගම් දූත මණ්ඩල අප්‍රසාදය

colombotoday