Colombo Today Local News

මයික් පොම්පේගේ සංචාරයට පෙර අමෙරිකානු ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට.. සාමාන්‍ය නිරෝධායන නෑ

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙ මහතා එළැඹෙන 28 වැනි දා මෙරටට පැමිණීමට නියමිතය.

ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ඔහු මෙරට ගත කරන කාලයේ දී මෙරට ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වන බවත් ඉන් පසු මාධ්‍ය හමුවක් පවත්වන බවත්ය.

මේ අතර ඔහුගේ ගමනට පෙර ඔහුට අවශ්‍ය ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඇමරිකානු හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් ඊයේ (22) දිනයේ මෙරටට පැමිණ තිබේ.

16 දෙනෙකුගෙන් යුතු එම හමුදා නිලධාරීන් පිරිස කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇත.

මෙම රාජතාන්ත‍්‍රික පිරිස සදහාද සාමාන්‍ය නිරෝධායන කටයුතු සිදු නොකරන නමුත් සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී සදහන් කලාය.

Related posts

ස්වාධීන රුපවාහිනියේ “බ්ලු” පෙන්වන ලනුව අගමැතිට දුන්නේ ඔහුගේම ලේකම්වරයෙක්

colombotoday

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය මහබාගේ මංසන්ධියෙන් අවහිරවෙයි

colombotoday

ජිනීවා සමුළුව ලං වෙද්දී අන්තවාදීන් ජාතිවාදය අවුස්සනවා.. හැමදාම ඔහොමයි – ජනපති කියයි

colombotoday

5,000 දීමනාව අනු කමිටුවේ යෝජනාවක් නොවේ.. අමාත්‍ය මණ්ඩලයේදී සත්භාවයෙන් ගත් තීන්දුවක්

colombotoday

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday

භාණ්ඩ හා නිෂ්පාදන 5කට උපරිම සිල්ලර මිලක්

Admin