Colombo Today Local News

මන්නාරමේ ඇටසැකිලි ඇමරිකාවට යැවීමට නියෝග

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මිනීවලේ සිදු කරන ලද කැනීම් තුළින් අද (17) උදෑසන වනවිට සිරුරු කොටස් 185ක් හමුවී ඇති බවටත් හමුවූ සිරුරුවල කාල නිර්ණය වෙනුවෙන් විශේෂ පරීක්ෂණයකට ඇමෙරිකාවට යැවීමට අධිකරණ නියෝගය ලැබී ඇති බවටත් කැණීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පවසයි.

මන්නාරම් සමූහ මිනිස් වළේ කැණීම් කටයුතු අද වනවිට 89 වැනි දිනට සිදු කෙරුනු අතර ගොඩ ගත් සිරුරු 185න් සම්පූර්ණ සිරුරු 179කට අදාළ අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කර ඇති බවට විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Related posts

කන්දකාඩුවෙන් පැන ගිය රැඳවියෙක් මරුට

Admin

ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ්‍රීලනිපයට දැනුම් දෙයි ! 

colombotoday

NGO පදයට නටන, රටට වැඩක් නැති මංගල ඉවත් කරන්න – ජනපතිට යෝජනාවක්

colombotoday

UN ජාත්‍යන්තර යුද අධිකරණ – රෝම සම්මුතියට අත්සන් කිරීම ශ්‍රී ලංකාව ප්‍රතික්‍ෂේප කරයි

colombotoday

පැය 5ක් අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

colombotoday

ව්‍යාජ උන්මත්තකයකුගේ රැඟුම් පොලිසිය අවසන් කරයි

colombotoday